-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විභාගයේ පීඩනය දරා ගන්න බැහැ කියා දුව කියලා තිබුණා. මා ඩිස්‌පැන්සරියේ ඉන්න විට දුරකථනයෙන් කතා කළ දුව තාත්තේ ඔයාගේ කටහඬ අහන්න ආසයි කියා කිව්වා යෑයි වස පානය කර මිය ගිය 21 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධව ගම්පහ මහ රෝහලේදී සාක්‍ෂි දුන් මියගිය සිසුවියගේ පියාවන වෛද්‍යවරයකු වන සරත් චන්ද්‍ර කුමාර දැරනියගල මහතා සාක්‍ෂි දෙමින් එසේ පැවසීය.

ගම්පහ පල්ලිය පාරේ පදිංචි දිනුෂා ඩිල්ෂානි දැරනියගල සිසුවිය සිය දිවි නසාගෙන තිබිණි.

ගම්පහ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය පී. පී. ආර්. පී. රාජපක්‍ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්‍ෂණයේදී වැඩිදුරටත් සාක්‍ෂි දුන් මිය ගිය සිසුවියගේ පියා මෙසේ කීවේය. මා වෛද්‍යවරයෙක්‌. මිය ගිය වැඩිමහල් දියණිය යක්‌කල සසෙක්‌ස්‌ කොලේඡ් එකේ ඉගෙනුම ලබනවා. ලබන අගෝaස්‌තු මාසයේ දියණිය දෙවැනි වරට උසස්‌ පෙළ විභාගය කරන්න හිටියේ. විද්‍යා විෂය කළේ. දුව මට කීප සැරයක්‌ කියලා තිබුණා. විභාගයේ පීඩනය දරා ගන්න බැහැ කියලා. මම කිව්වා කමක්‌ නැහැ පුළුවන් විදියට විභාගය කරන්න කියා. මා ඩිස්‌පැන්සරියේ ඉන්න කොට දුරකථනයෙන් කතා කොට කිව්වා zzතාත්තාගේ කටහඬ අහන්න ආස නිසා කතා කළාZZ කියා. එසේ කියූ ඇය ෙµdaන් එක තිබ්බා. නැවත විනාඩි 20 කට විතර පස්‌සේ ආයෙත් කතා කර කිව්වා මා මීතයිල් බිව්වා කියා. මා ඇයි කියා ඇසූ විට කිව්වා මට විභාගය දරා ගන්න බැහැ කියා. මම හිතුවා ඇය මොනවා හරි බීලා ඇති කියා මා වාහනයෙන් නිවසට ගොස්‌ දුවව ගම්පහ රෝහලට රැගෙන ගියත් දුව මිය ගොස්‌ තිබුණා යෑයි පැවසීය.

ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්‌. පී. ඒ. හේවගේ මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සහ සාක්‍ෂි අනුව වස පානය කිරීමෙන් මරණය සිදුව ඇති බවට මරණ පරීක්‍ෂකවරයා තීන්දු කළේය. පො. සැ. යසරත්න (2107) මහතා සාක්‍ෂි මෙහෙය වීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos