-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පස්යාලේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.
පොලීසිය පැවසුවේ අණ නොතකා යතුරු පැදිය ධාවනය කිරීමට උත්සහ කළ අවස්ථාවේදී වෙඩි තැබීම සිදුවූ බව ය.
කොළඹ – නුවර මාර්ගයේ නුවර දෙසට ගමන් කළ යතුරු පැදියක් නවත්වන ලෙසට පස්යාල මංසන්ධිය ආසන්නයේදී අණ කළ බව පොලීසිය පවසයි.
පොලීසිය පවසන්නේ අණ නොතකා ඉදිරියට පදවාගෙන ගිය යතුරුපැදියට වෙඩි තැබූ බව ය.
වෙඩි ප්‍රහාරයෙන් පසුව යතුරු පැදිය මීටර් 150 ක් පමණ ගොස් පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.
කෙසේ වෙතත් යතුරු පැදියේ පිටුපස ගමන් ගත් තරුණයා පවසන්නේ වෙඩි තැබූ ස්ථානයේදීම යතුරු පැදිය පෙරළුණු බව ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා
දැන් පොලිස් නිලධාරින්, පවසන්නේ මෙහිදී යම් කිසි ආකාරයකට ඔවුන් සංඥා කළා, එය ඉදිරියට යන්න ගියා ඒ අවස්ථාවේදී ඒ යතුරුපැදියට යම් ආකාරයකට ඔවුන් යටවෙන්නට ගියා යට කරගෙන යන්නට උත්සහ කළා, ඒ නිසා මේ වෙඩි තැබීම සිදු කළ බවට. කෙසේ වෙතත් මෙයින් පිටුපසින් ගමන් කළ තවත් පුද්ගලයෙක් සිටිනවා, සචින් චතුරංග නැමැති 18 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි. ඔහුගේ ප්‍රකාශයත් සඳහන් කරලා තියෙනවා.
සචින් චතුරංග යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණයා
පොලිස් කාරයෝ අතදැම්මා, අපි නැවැත්තුවා බසිකලේ. නිට්ටඹුවේ ඒ පාරේ පස්යාල පාරෙන්නේ නුවර පාරේ. නැවැත්තුවාට පස්සේ, අතදැම්මානේ අතදාලා නැවැත්තුවාට පස්සේ ඇවිල්ලා ටග්ගාලා ලගට ඇවිල්ලා ඔහොම කරලා තිබ්බා. තිබ්බාට පස්සේ අපිදෙන්නාම ඇදගෙන වැටුණා. ඇදගෙන වැටුනාට පස්සේ උන්දෙන්නාගෙන් කවුරුවත් හිටියේ නැහැ, මටත් ගැහුවා කනේ පාරවල් දෙකක්, ඊට පස්සේ කිව්වා තෝ කියලා තිබුනොත් එහෙම ‍තොටත් වෙඩි තියනවා
මෙහෙමයි, බොරුවට පැනලා යන්න හැදුවා මෙහෙමයි කියලා උන්බැන්නා. ඒ පොලිස්කාරයෝ බිලා හිටියේ, පස් දෙනෙක් හිටියා පොලිස්කාරයෝ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා
තරුණයාගේ ප්‍රකාශයේ තරුණයා සටහන් කරන්නේ, ඔවුන් ඒ අවස්ථාවේදී ඉදිරියට පැමිණියා. ඉන් පසුව නවත්වලා, ඉන් පසුව නැවතත්, යන්න උත්සහ කළා ඒ අවස්ථාවේදී මොහු පිටුපස්සේ සිටියේ මේ වෙඩි වැදීම සිදුවුණා කියලා. එක තමයි ඒ තරුණයාගේ ප්‍රකාශයේ සදහන් වෙන්නේ.
යතුරු පැදිය පැදවූ පුද්ගලයා වෙඩි වැදී වැටී සිටි ස්ථානය ලෙස පොලීසිය සලකුණු කර ඇත්තේ වෙනත් ස්ථානයක් බව සිද්ධිය වූ අවස්ථාවේ පැමිණි අය පවසයි.
කාන්තාවක්
පොලීසියේ දෙන්නා එයාව අනිත් පැත්තට පෙරලුවා, ඇලෝවීල් කඩේට යන පාරගාව වැටිලා හිටියේ, ඊට පස්සේ, ෆොන් එකක් දෙන්න කවුරුහරි උදව් කරන්න කියලා කෑ ගැහුවා මම ගෙදරට දුවගෙන ඇවිල්ලා මගේ ෆොන් එක අරන් ගියා. එතකොට සුදුවැන් එකක් නැවැත්තුවා. වෑන් එකට මෙයාව දාගෙන ගියා මං හිතන්නේ, වරකාපොල පැත්තට ගියේ වරකාපොල හොස්පිටල් එකට යන්න ඇති. ඒ මාක් කරලා තියෙන්නේ සෙරප්පුවක් වැටිලා තියෙන්නේ ඊට ගොඩක් මෙහා. එහා පැත්තේ ඇලෝවීල් කඩේට යන එතන උඩ තමයි වැටිලා හිටියේ. හෙල්මට් දෙකක් බිම තිබුණා, ගොඩක් උසමහත කොල්ලෙක්. අනිත් එක්කෙනානම් පොඩියි
ඇලෝයිවීල් වෙළදසැලේ සේවකයෙක්
මාක් කරලා තියෙන තැන නෙවෙයි මෙන්න මේ හරියේ වැටිලා හිටියේ.
මෙම වෙඩි තැබීමෙන්, මියගිය තරුණයාගේ මෘත දේහය වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර එහිදී මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විය.
මියගිය තරුණයාගේ පියා
මගේ පුතා රස්සාවක් වශයෙන් කරන්නේ, ඩේලි එකහුකරන එක. ඩේලි කියන්නේ සල්ලි පොලියට දෙන ඒවා එකහුකරනවා. කලල්පිටියේ මෙතන පස්යාලේ සෙඩ් එකෙන්, තාත්තේ තෙලුත් ගහගෙන, හෙට උදේ වන්දනාවේ යන්න ඕනේ බසිකලේ සර්විස් කරගෙන එන්නම් කියලා, ඇවිල්ලා තෙල් ගහගෙන, තවත් යාලුවෙක් එක්ක චුට්ටක් දුර එනකොට පොලිසියෙන් අතදාලා පුතාගේ බසිකලේ නවත්වලා. නැවැත්තුවාට පස්සේ කතන්දර මොකවත් අහලා නැහැ, ඉනේ තිබුණ පිස්තෝලයක් අරන් ගත්තු ගමන් මගේ පුතාට වම් පැත්තට වෙඩි තියලා දකුණේ පැත්තෙන්, පසාරු වෙන්න මගේ පුතා එහෙමම බසිකලෙන් බිමට වැටිලා. වැටිලා අහක්වෙලා පුතා මැරිලා
වෙඩි තැබීමෙන් මියගියේ 23 හැවිරිදි මීරිගම කිතුල්වල ප්‍රදේශයේ පදිංචි ඉන්දික ජයසිංහ නැමැති එක්දරු පියෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා ඒවාගේම නිට්ටඹුව පොලිසියේ නිලධාරින් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ස්වාධීන පරික්ෂණයක් සිදු කරනවා, ගම්පහ ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් මේකට පත් කරලා තියෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos