අතුරුදන් වූ MH370 යානයේ සිටි මගීන් අයත් පවුල් සඳහා අමෙරිකානු ඩොලර් 50000 බැගින් වන්දියක් ලබා දීමට පියවර ගෙන තිබේ.
බීබීසී පුවත් සේවය වාර්තා කළේ, මේ වන විට මැලේසියානු පවුල් 6ක් සහ එක් චීන පවුලක් එම වන්දි මුදල ලබාගෙන ඇති බව ය.
කෙසේ වෙතත්, අතුරුදන් වූ මගියෙකු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 175000ක් දක්වා වන්දි ගෙවීමට නියමිත ය.
මේ වන තෙක් එම යානයට කුමක් සිදුවූයේ ද යන්න තහවුරු වී නොමැති හෙයින් ඉතිරි මුදල ගෙවීම කල් දමා තිබේ.
පසුගිය මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ මෙම යානය පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැත.