Apple iPhone ජංගම දුරකතනවල ඇති උපාංග ක්‍රියාවිරහිත කිරීමේ සයිබර් ප්‍රහාරයක් ක්‍රියාත්මක වන බවට එම සමාගමට පැමිණිලි ලැබී තිබේ.
එම සයිබර් ප්‍රහාරය හරහා මුදල් ලබා ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක ය.
ඒජන්සි වාර්තාවල සඳහන් වන්නේ, Apple iPhone ජංගම දුරකතනවල උපාංග ක්‍රියාවිරහිත කර ඒවා යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ස්ටර්ලිං පවුම් 55ක් ගෙවන ලෙසට SMS පණිවුඩයක් මගින් දැනුම් දීම මෙහිදී සිදුකෙරෙන බව ය.
මෙවැනි සයිබර් ප්‍රහාර පිළිබඳ පැමිණිලි රැසක් බ්‍රිතාන්‍යයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ලැබී තිබේ.
මෙම සයිබර් ප්‍රහාරකයා තමන් හඳුන්වා ගන්නේ, ‘Oleg Pliss’ යන නාමයෙනි.
මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස iPhone ජංගම දුරකතන භාවිත කරන්නන්ට දැනුම් දී තිබේ.