-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එල්ටීටීඊය යළි පණගැන්වීම සඳහා ඩයස්පෝරාවේද සහාය මත මැලේසියාවේ සිට ගෙන ගිය රහස් ව්‍යාපාරවලට උතුරේ දේශපාලනඥයන් සම්බන්ධ වූ ආකාරය පිළිබඳ පසුගිය දා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ එල්ටීටීඊ ක්‍රියාකාරීන් තිදෙනාගෙන් බුද්ධි අංශ තොරතුරු හෙළිකර ගෙන තිබේ.

එම ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ සොයාගත් වී.ඩී.ඕ. පටමඟින් එම රහස් එළියට පැන ඇති බව ආරක්ෂක අංශ උසස් නිලධාරියකු ඉරිදා 'මව්බිම'ට පැවැසීය.

එම සිද්ධිවලට සම්බන්ධ තවත් ප්‍රධාන පෙළේ එල්ටීටීඊ ක්‍රියාකාරීන් තිදෙනකු මැලේසියාවේ සැඟවී සිටින බව බුද්ධි අංශ තොරතුරු හෙළිකරගෙන ඇති අතර ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය මාර්ගයෙන් රතු නිවේදන නිකුත් කිරීමට රාජ්‍ය බුද්ධි අංශ තීරණය කොට තිබේ.

මැලේසියා රජයේද විරෝධතාව මත මේ එල්ටීටීඊ සැකකරුවන් රහසේ ගෙනගිය එල්ටීටීඊ ප්‍රචාරක කටයුතු පිළිබඳ දැනට ත්‍රස්ත විමර්ශන අංශය විසින් ප්‍රශ්න කරගෙන යන මැලේසියාවේ සිට ගෙන ආ සැකකරුවන් තිදෙනාගෙන් හෙළිදරව් වී තිබේ.
2007 වසරේ සිට හිටපු එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අන්තර්ජාතික ගිණුමකින් විදේශ රටවලට පැනගිය එල්ටීටීඊ ක්‍රියාකාරීන් ජීවත් වූ ආකාරය පිළිබඳ එම සැකකරුවන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා වූ කවුන්සිලයේ ලියාපදිංචි වී ඇති මේ එල්ටීටීඊ සැකකරුවන් එම සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාවට විරුද්ධව එල්ටීටීඊ ක්‍රියාකාරකම් පණගැන්වීමේ යෙදී සිටින බවද හෙළි වී ඇතැයි ආරක්ෂක අංශ භාර උසස් නිලධාරියකු පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week