-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනියම් බිරියන් හා ගණිකාවන් සමඟ හෝටල් වලට හා නවාතැන් පොළවලට පැමිණෙන ධනවත් ව්‍යාපාරිකයන් හා උසස් රැකියාවල නිරතව සිටින අය බිය ගන්වා තර්ජනය කර ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබා ගත් බව කියන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් ද හිටපු පොලිස් භටයෙක් සහ තවත් අයෙක් ද කොළඹ අපරාධ විමර්ශණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් බොරැල්ල ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
මේ ආකාරයට කප්පම් ලබා ගෙන ඇත්තේ පානදුර වලාන දුෂණ මර්දන බළකායේ නිළධාරීන් යයි පවසමින් හෝටල්වලට එන ජෝඩු බිය ගන්වා බව පොලීසිය කියයි.
මොවුන් කප්පම් වශයෙන් මුදල් වලට අමතරව කාමර වලට පැමිණෙන ජෝඩු පැළඳ සිටින රන් බඩු පවා කප්පම් වශයෙන් ලබා ගෙන ඇති බව අත් අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් ප‍්‍රශ්ණ කිරීමේ දී අනාවරණය වී ඇතැයි පොලිස් නිළධාරියෙක් පැවසිය.
කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා හා හිටපු පොලිස් කොස්තාපල්ට අමතරව අත් අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා ජපානයේ වසර 10 ක පමණ කාලයක් රැකියාවක් කර පැමිණ සිටින බර්ගර් ජාතිකයෙකි.
මෙවැනි ආකාරයට පුද්ගලයන් බිය කර ලබා ගන්නා කප්පම් මුදල් මොවුන් තිදෙනා කැසිනෝ සූදුව සඳහා වැය කර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කියති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week