-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුදන් වූ MH370 යානය ඉන්දියාවට ආසන්න මුහුදේදී ගිනිබත් වූ බවට තව ත් සාක්ෂියක් හමුවී තිබේ.
මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇත්තේ, බ්‍රිතාන්‍ය කාන්තාවක Phuket Gazette පුවත්පතට කර ඇති ප්‍රකාශයක් සමගිනි.
තමන් පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ කෝචි සිට තායිලන්තයේ ෆුකෙට් දිවයින බලා යාත්‍රා කරමින් සිටියදී ගුවන් යානයක් ගිනි ගන්නා අයුරු සියැසින් දුටු බව එහිදී පවසා තිබේ.
එම ගුවන් යානය පුද්ගලයින් 239 දෙනෙකු සමගින් අතුරුදන් වූයේ, මාර්තු මස 8 වන දා ය.
41 හැවිරිදි කැත්රින් ටී (Katherine Tee) පවසා ඇත්තේ, තමන් මාස ගණනාවක් තිස්සේ මුහුදු ගමන්වල නිරත වීම ත්, තමන් දුටු දෙය මාධ්‍ය විශ්වාස නොකරනු ඇතැයි යන්න සැකය ත් හේතුවෙන් මේ පිළිබඳව දැනුම් දීමක් නොකළ බව ය.
“ගුවන් යානයක් වැනි යමක් ගිනි ගනිමින් තිබෙන ආකාරය මං දැක්ක. ඒත් මට ඒ වෙලාවෙ හිතුණ මට පිස්සු ද කියල. ඒත්, මං කවදාවත් දැකල තිබුණෙ නැහැ තැඹිලි පාට ලයිට් තියෙන ප්ලේන් එකක්. ඒ නිසා මං ඒක ගින්නක් කියල හිතාගෙන අවධානයෙන් බැලුව” කැත්රින් ටී Phuket Gazette පුවත්පතට එසේ පවසා තිබේ.
මෙම ඇසින් දුටු බව කියන සාක්ෂිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week