-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දරුවන් පාසැල් නොයාමේ වරදට සිරගත කළ හත් දරු මවක් සිර මැදිරිය තුළදී  මියයයි.

ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ  පදිංචි 55 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙම කාන්තාවගේ දරුවන් සිව් දෙනෙක් පාසැල් නොයවා නිවසේ තබා ගැනීමේ චෝදනාව මත ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. 

එහිදී ඇයට ඩොලර් 2000 ක දඩයක් නියම වු අතර එම දඩය ගෙවා ගැනීමට නොහැකි වු ඇය පැය 48 කට සිරගත කිරීමට නියෝග කර තිබේ. 

ඉතා දිළිදු කාන්තාවක් වන මෙම කාන්තාව සිය දරුවන් සිවු දෙනා පාසැල් යැවීමට තමන් සතුව මුදල් නැති බව පැවසුවද , පෙන්සිල්වේනියානු අධ්‍යාපන නීතිය අනුව ඇයට පැය  48 ක සිර දඩුවමක් ලබා දී තිබේ.

සිර දඩුවම සදහා සිර ගත  කර සිටි ඇය පැය  කිහිපයකට පසු මියගොස් සිටි බව වාර්තා වෙයි.

සිද්ධිය පිළිබද පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක අතර ඇය හෘදයාබාධයකින් මියයන්නට ඇතැයි  විදෙස් වාර්තා සදහන් කරයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos