රඟපාන්නෙත් නෑ, වැඩිය දකින්නෙත් නෑ... ඒත් ඇයි මේ කාලෙන් කාලෙට පුවත් මවන්නියක් වෙලා කරළියට එන්නේ...?අපි කිසිම දෙයක් නොකළත් සමහරු කාලෙන් කාලෙට අපිව කරළියට ගේනවා.මතක් වෙන්නත් එක්ක ගොසිප් චරිත වෙලා එහෙම කරළියට එන එකට කැමැතිද?මේ අපේ කැමැත්තෙන් අකැමැත්තෙන් කරන දේවල් නෙවෙයිනේ. ගොසිප් වෙබ් අඩවිවල අපි ගැන කතා පැතිරුණත් අපි ඒවට උත්තර දෙන්නවත්, නිවැරැදි කරන්නවත් යන්නෙ නෑ...
එහෙම කළා නම් ඩිල්ෂාන්්ටයි, මටයි අපේ ජීවිතය මේ තරම් සාර්ථකව ඉදිරියට ගෙනියන්න බැරි වෙනවා. ගොසිප්වලට උත්තර දෙනවට වඩා අපිට අපේ ජීවිතේ ඉදිරියක් ගැන හිතන එක ඊට වඩා වටිනවා. මේ දේවල් ගැන මෙහෙමවත් කතා කරන්නේ ඔයා ඇහුව නිසා. නැතිනම් මාධ්‍යවලට කියලා වැරැදි නිවැරැදි කරගන්න කොහෙත්ම වුවමනාවක් නෑ.
පහුගිය දවස්වල තලංගම පොලිසියේදී හාද්දක් නිසා පොලිස් උදහසට ලක්වුණාලු නේද?
මේ බොරු කතා කොහොම ප්‍රචාරය වෙනවද මන්දා.
ඒ කියන්නේ තලංගම පොලිසියට ගියේ නැද්ද?
ගියා. හැබැයි අද ඊයේ නෙවෙයි. මීට මාස හතරකට විතර කලින්. ඒ ඩිල්ෂාන්්ගේ පෞද්ගලික කටයුත්තකට.
ගියේ ලියාපදිංචි නොකළ හමර් එකකින්ද?
ලියාපදිංචි නොකළ වාහනයක පොලිසියට යන්න තරම් බලපුළුවන්කාරකමක් අපිට කොයින්ද? අපි නීතිගරුක අය. අපි නීතිය විහිළුවකට අරන් නෑ... එදා අපි ගියේ හමර් එකෙන් නෙවෙයි. ඔය කියන සිද්ධිය වෙද්දී අපිට හමර් එකක් තිබුණෙත් නෑ.
පොලිස් ස්ථානාධිපතිගේ රථ ගාලේ වාහනේ නතර කරලා ස්ථානාධිපති ආවහම රථය ඉවත් කරගන්න බැරුව අපහසුතාවට පත්වුණු ඔයාව ඒ අපහසුතාවෙන් මුදවන්න ආපු ඩිල්ෂාන්් හාදුවක් දුන්නද?
ඩිල්ෂාන්් මගේ නීත්‍යනුකූල සැමියා. එයාට මට හාදු දෙන්න පොලිසියට යන්න ඕනෑ නෑ... අනෙක් එක එදා වාහනේ රියැදුරාත් හිටියා. ඔය දැකපු කෙනෙක් යාන්තම් මගේ ඡායාවක් දකින්න ඇති. ඒක තමයි ඔය කෙන්ද කන්ද කරලා තියෙන්නේ. ඕකෙ ඇත්තම කතන්දරේ තලංගම පොලිසියේ ඕ.අයි.සී. මහත්තයාගෙන්ම ඇහුවා නම් හරි.
දෙන්නා ගැන පැතිරෙන කතා ගින්නක් නැති දුම් කියලද ඔය කියන්න හදන්නෙ?
පල ඇති රුකටනේ ගල් මුල් වදින්නේ. ඕවා ගැන අහන්නවත්, බලන්නවත් අපිට වෙලා නෑ... ඇහුවත්, දැක්කත් ඒක ඒ වෙලාවට විතරයි. වැදගත් තැන්වලදි සිද්ධ වෙන වැදගත් දේවල් අපේ ජීවිත කාලය පුරාවටම තියෙනවා. ඒත් අවැදගත් තැන්වලදි සිද්ධ වෙන අවැදගත් දේවල් අපි ගෙදර අරන් එන්නේ නැහැ. අනෙක් එක ඔය ගොසිප් නිවුස් එකත් එක්ක දාලා තිබුණෙ මට පුතා හම්බවෙන්න ඉන්නකොට ගත්ත පින්තූර. දැන් පුතාටත් අවුරුදු තුන හමාරක් වෙනවා. ඩිල්ෂාන් වාහනයත් එක්ක දාලා තිබුණ පින්තූර ගත්තේ ක්‍රිකට් බෝඩ් එකේදි ඩිල්ෂාන්් කැප්ටන්සි එක ගත්ත වෙලාවෙදි. ඒවා තමයි ඒ නිවුස් එක තහවුරු කරන්න දාපු පරණ පින්තූර. ඇත්තටම මම මේ විහිළු ගැන කතා කරන්න කැමැතිත් නැහැ.
ඒ කතාව අමතක කරමුකො. දැන් කියන්නකො සමිතාගේ ර්භඵඪජ ඍඪඤඥධ එකේ ඩිල්ෂාන්් රඟපාන්න එකඟ වුණාද?
මේ දවස්වල ඩිල්ෂාන්් ටිකක් කාර්යබහුලයි. විවේකයක් තිබුණොත් එයා නොගිහින් ඉන්නෙ නෑ.
ඔබ රංගනයෙන් සමුගත්ත රංගන ශිල්පිනියක්. ඔබේ තැන ඔහු අරගනිද්දි ඊර්ෂ්‍යා නැද්ද?
මං ගැන ඔයාලා හරියට තේරුම්ගෙන නෑ... මම වැඩියෙන්ම ආදරේ මට සහ මගේ දේවල්වලට.
ඩිල්ෂාන්්, මගේ දරුවෝ, මගේ පවුල මේ දේවල් මගේ. ඉතින් මම මගේ දේවල්වලට ඉරිසියා කරන්නේ ඇයි? ඩිල්ෂාන්් කලාවට ආදරය කරන කෙනෙක්. සිංහාවලෝකනය රඟපාලත් එයා හරියට සතුටු වුණා.
ඔයාට රංගනයට වැට කඩොලු බැඳලා එයා රඟපාන එක හරිද?
ඕක බහුතරයකගේ හිතේ තියෙන වැරැදි මතයක්. මම රඟපාන්නේ නැත්තේ ඩිල්ෂාන් එපා කියන හින්දා නෙවෙයි. දරුවොත් එක්ක කාර්යබහුල වෙනකොට රඟපාන්න වෙලාවක් නැති නිසා. මම හැමදාම බලාපොරොත්තු වුණේ බොහොම නිස්කලංක, සාමකාමී සරල ජීවිතයක්. කාර්යබහුල වෙලා ඒ දේවල්වලට හානියක් වෙනවට මම කැමැති නැහැ.
දැන් දරුවොත් ලොකුයිනේ. ඩිල්ෂාන්්ගෙත් අකැමැත්තක් නැතිනම් රඟපාන්න ආරාධනාවක් ආවොත් භාරගන්න පුළුවන්නේ?
ඔව්... ඩිල්ෂාන්් කියනවා මට හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්න කියලා. මොකද මඟතොටේදී හමුවන මගේ රසිකයො චෝදනා කරන්නේ ඩිල්ෂාන්්ටනේ.
ඒ කියන්නේ මංජුලා ළඟදීම පුංචි තිරයේ දකියි?
ළඟදීද කියන්න නම් බෑ... හැබැයි මං කැමැති චරිතයක් ලැබුණොත් හිතලා බලනවා.
ඩිල්ෂාන්් දේශපාලනයට එයිද?
ඉදිරියේදී ඩිල්ෂාන්් ලොකු පියවරක් ඉදිරියට තියනවා. ඒ ගමන ගැන අපිත් එක්ක හැමදාම ළඟින් හිටපු මාධ්‍ය හිතවතුන්ට නොකියා ඉන්නේ නෑ... හැබැයි මේ මොහොතේ ඩිල්ෂාන්් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විතරයි.
එහෙමනම් රට, ගම අතහැරලා පවුල් පිටින් ඕස්ට්‍රේලියාවෙ පදිංචියට යන කතාව?
ඒකත් තවත් එක බොරුවක් විතරයි. මම හිතනවා අපි කොයි කවුරුත් සංවේදී මිනිස්සු විදියට අපේ වටිනා කාලය වැඩක් ඇති දෙයකට යෙදෙවුවොත් අපේ අනාගත ජීවිතය ලස්සන කරගන්න පුළුවන් වෙයි කියලා.