ඊයේ දිනයේ රාගම ශික්ෂණ රෝහලේදී හෙද නිලධාරිනියක් විසින් පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ ගෙළ මිරිකා සපා කා ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය චෝදනා කරයි.
මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණි නිලධාරිනියක් සමඟ සූතිකාගාරයට ඇතුළුවීමට යාමේදී මෙය සිදුව ඇති බව එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කරයි.
කෙසේ වෙතත් රාගම රෝහලේ හෙද සංගම් පවසන්නේ බලහත්කාරයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් සූතිකාගාර වෙත ඇතුළුවීමට උත්සාහ කළ බවත් එම අවස්ථාවේ හෙදියකගේ එක් අතක් පිටුපසට අඹරා අනෙක් අත සපා කා ඇති බවත්යි.
ප්‍රධාන හෙද පාලකවරිය යටතේ පවතින දෛනික අත්සන් ලේඛණයේ අත්සන් නොකර සේවයට වාර්තා කිරීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන් උත්සාහ කිරීමත් සමඟ දෙපාර්ශවය අතර මෙම ගැටළුව මතුව ඇත.