කොස්වත්ත, කලවාන ප්රදේශයේ නිවසක ඇති වු ආරවුලක් හේතුවෙන් පියා විසින් පුතාට වෙඩි තබා ඝාතනය කර තිබේ.
කලවාන පොලිසිය පැවසුවේ සැකකාර පියා ප්රදේශයෙන් පලා ගොස් ඇති බවයි.
මරණකරු වයස අවුරුදු 21ක්වු අයෙකි.
මරණකරු නිතර බීමත්ව පැමිණ නිවසේ අයට පහරදී ආරවුල් ඇති කර ගන්නා බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පියා විසින් බෙහෙත් කොටන තුවක්කුවකින් මෙම ඝාතනය සිදු කර ඇත.
මෘතශරිරය කලවාන රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.