සිසිලි හා උතුරු අප්රිකාව ආශ්රිත කලාපයේ අනවසර සංක්රමණිකයන් සිය ගණනක් රැගෙන යමින් තිබූ බෝට්ටුවක තිබී මළ සිරුරු 30ක් සොයාගත් බව ඉතාලි නාවික හමුදාව පවසයි.
හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් මොවුන් මරණයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම සිදුවීම මහා ඛේදවාචකයක් ලෙස හඳුන්වන අතර, විපතට පත්වූවන් මුදාගැනීමේදී ගර්භිනී කාන්තාවන් දෙදෙනෙකුද ඒ අතර සිටි බව කියැවෙයි.
ඉතාලි නාවික හමුදාව පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුළ මේ ආකාරයෙන් උතුරු අප්රිකාවේ සිට ඉතාලිය වෙත පැමිණෙමින් සිටි සංක්රමණිකයන් පිරිස 5,000කට අධික වූ බවයි.
මෙම නවතම ඛේදවාචකයත් සමග එම දත්තයන් ඉතාලි නාවික හමුදාව විසින් ඉදිරිපත් කර තිබේ.