25 හැවිරිදි එක් දරු මවක් සිහිසුන් කොට දුෂණය කිරීමේ පුවතක් මහනුවර දවුලගල ප්රදේශයෙන් වාර්තා වෙයි.සිය සැමියාගෙන් වෙන්ව දෙහැවිරිදි දරුවා සමග වාසය කරන මෙම කාන්තාව පේරාදෙණිය නගරයේ ඇගළුම් කම්හලක සේවය කරයි.
ඉකුත් 25 වන දින ඇය සේවය සදහා යමින් සිටියදී පැමිණි කොළ පැහැති ත්රිරෝද රථයක් “ගෙලි ඔයට යනවා නම් නගින්න“ යැයි කියා ඇය නංවාගෙන ඇති අතර එම අවස්ථාවේ එතුළ සිටි පුද්ගලයෙක් ඇයගේ මුහුණට ලේන්සුවක් අල්ලා තිබේ.
ඉන්පසු ඇයට ප්රකෘති තතවයට පත්ව ඇත්තේ අයගේ නිවසේ දොර අසල වැටී සිටියදී බව වාර්තා වෙයි.
මෙම කාන්තාව දරුණු ලෙස දුෂණයට ලක්වී ඇති අතර ඇය ප්රතිකාර සදහා රෝහල් ගත කර තිබේ. සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.