-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිංහල ජාතිය සුළු ජාතියක් බවට පත්වෙනවා කියමින් සිටීමෙන් වැඩක් නැහැ. හැකි තරම් බැඳපල්ලා. පුළුවන් තරම් වදපල්ලා. කරදරයක් තියෙනවා නම් මර්වින් සිල්වාට දන්වාපල්ලායි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා ඉල්ලීමක් කරයි.

ඇමැතිවරයා මේ ඉල්ලීම කෙළේ පෙරේදා (3දා) වත්තල ආසනයේ අඩු ආදායම්ලාභීන් සඳහා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සෙවිලි තහඩු ලබා දෙමිනි. මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ පවුල් 24ක් සඳහා රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකම් ඇති සෙවිලි තහඩු ලබා දීම සිදු විය. ඉදිරි කාලයේදී වත්තල ශ්‍රී ල. නි. ප. ප්‍රධාන සංවිධායක නීල් රූපසිංහ මහතා හරහා තවත් පිරිසකට සෙවිලි තහඩු ලබා දෙන බවද ඇමැතිවරයා පැවැසීය.

සාක්කුවෙ දාගන්න මුදල් හම්බ කරන ක්‍රම නැතිවෙනකොට සමහරු අපට විරුද්ධකම් කරනවා. මම නීල් රූපසිංහ මහත්තයාගෙන් ඇසුවා මේ පැත්තේ ගංවතුර තත්ත්වය කෙසේද කියා. එතුමා කීව සමහර තැන්වල සිදුවී ඇති ගොඩකිරීම් නිසා ජනතාව ජලයෙන් යටවන තත්ත්වයක් උදාවී ඇති බව. රජයක් හැටියට අපි ඒ තත්ත්වයට වගකියන්න ඕනෑයි පැවැසූ මර්වින් සිල්වා මහතා,

අතිගරු ජනාධිපතිතුමා, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ හා මැති ඇමැතිවරුන් පමණක් උත්සාහ ගෙන රටේ සංවර්ධනය කරන්න බැහැ. ප්‍රාදේශීය සභාවේ ඉඳලා සෑම දෙනාම ඒකට දායක වෙන්න ඕනෑ.
මගේ කැල‚ ආසනයේ අනවසර ගොඩකිරීම් නිසා දැන් ජලයෙන් යටවීම් සිදුවෙනවා. මම කැල‚යේ සිටිය කාලයෙ කැල‚යේ ජලයෙන් යටවන ප්‍රදේශ තිබුණේ නැහැ. එසේ තිබුණ ප්‍රදේශවලට පිළියම් යෙදුවා. මම වසර 1යි දවස් 12ක් කැල‚යේ සිටියේ නැහැ. ඒ කාලය තුළ මුදල් හරි හම්බ කරගන්න සමහරක් පහත් බිම් ගොඩ කරගන්න අවස්ථාව දීලා තවත් කොටසක් සල්ලිකාරයන්ට විකුණලා. මේ නිසා කැල‚යේ අහිංසක ජනතාවට ගංවතුර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙලා.
මා මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් සමඟ මේ සතියේ සාකච්ඡා කර නිසි පියවර ගන්නවා.
එසේ ගොඩකර ඇති ප්‍රදේශ නැවැත යථා තත්ත්වයට පත් කරන්න මට හැකියාවක් නොමැති නම් අනේ මට තවත් දේශපාලනය කරන්න බැහැ. මම දේශපාලනය කරන්නෙත් නැහැ. මම බොරුකාරයෙක් නෙවෙයි.

ගොඩ කර ඇති ඉඩම් යථා තත්ත්වයට ගේන්න බැරිනම් අහිංසක ජනතාව ගංවතුරෙන් ගලවා ගන්න බැරිනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ කීවා වගේ ඉතින් ආයුබෝවන් ලක්මවුනි ගරු... කියා මගේ වැඩක් මම බලා ගන්නවා.
වැඩ කරන්න පුළුවන් කාලයට වැඩ කරන්න ඕනෑ. ජනාධිපතිතුමා ඒ බව ආදර්ශයෙන්ම පෙන්වා දී තියෙනවා. අද වගේ අපේ රට අධ්‍යාපන, කෘෂිකර්ම, මාර්ග හා විදුලි යන සෑම අංශයකින්ම කවර කලකවත් නොවුණ සංවර්ධනයක් රට තුළ සිදු කර තියෙනවා. නගරයේ වගේම ගමේත් ඒ සංවර්ධනය සිදුවී තියෙනවා. සමහර පළාත්වල ප්‍රාදේශීය සභා කළ යටි මඩි ගැසීම් නිසා එම බල ප්‍රදේශවල දියුණුවක් සිදුවී නැහැ. අපි ඒ තත්ත්වය පිළිගන්න ඕනෑ. මහජනතාවට ඍජුවම සම්බන්ධකම් ඇති මගේ අමාත්‍යංශය හරහා විශාල ජනතා සේවාවක් ඉටු කර තියෙනවා. ඉදිරියටත් ඒ සේවාවෙ අඩුවක් නැතිව කරගෙන යනවා. සියලූ‍ ජාතීන්ට, සියලූ‍ම ආගම්වලට, කඳුළු බිඳුවක් නොසලන්න තමයි මහින්ද චින්තනය ක්‍රියාත්මක වීම සිදුවන්නේ.

කවුරු මොනවා මොන ආකාරයෙන් කීවත් ශ්‍රී ල. නි. ප. ප්‍රමුඛ සන්ධානය එක පවුලක්. ඒ පවුලේ තාත්තයි - අම්මයි දෙන්නම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ පණ ඉහිරවන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. එතුමාගේ පවුලේ අය හැරුණාම, ඛෙලිඅත්තෙන් ආපු මා හැර වෙන කිසිම කෙනෙක් රාජපක්ෂ පවුල ගැන දන්නා අය නැහැ. ඒ පවුල ගැන දවස් ගණනක් ගිනස් පොතට යන්න කතා කරන්න අපිට පුළුවන්. අපිට කෙසේ වෙතත් මට පුළුවන්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week