ලොව වස්ගතම බළලා ලෙස පසුගිය මැයි මාසයේ ගිනස් ලෝක වාර්තා පොතට එක් වූ පොපී මියගොස් ඇති බව වාර්තාවේ.
සාමාන්‍ය බළලෙකුගේ ආයු කාලය වයස අවුරුදු 12ත් 14ත් අතර ප්‍රමාණයක් වන අතර මිය යනවිට පොපීගේ වයස අවුරුදු 24 කි.එය මිනිස් වර්ෂ වලින් වසර 114කි.
ජලයෙන් ඇතිවූ අසාධන තත්වයක් හේතුවෙන් රෝගී වූ පොපී පසුගිය සිකුරාදා (13) මියගොස් ඇත.
වසර 1990දී උපත ලද ඇය ඇගේ හිමිකරුවා වන එංගලන්තයේ ජැකී වෙස්ට් හට හමුවී ඇත්තේ ඇයට වයස අවුරුදු 5ක් වන විටය.
ඉතා මහළු පොපී මිය යන වන විට ඇගේ පෙනීමේ සහ ඇසීමේ ශක්තිය අහිමිව ගොස් සිටියාය.
ලොව මෙතක් හමුවූ වයස්ගතම පුසා ලෙස හඳුනාගෙන ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් හමුවු 38 හැවිරිදි ක්‍රීම්පෆ් නැමති බළල් සුරතලා වේ.