-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු අනතුරුවලින් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. 

කළුතර, කොළඹ, ගම්පහ, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රීක්කවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවු අනතුරුවලින් මෙම ජීවිත හානී සිදුවී ඇති බව සඳහන් වන අතර පීඩාවට පත්වු පුද්ගලයින්ට සහන සැලසීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට උපදෙස් ලබාදී තිබේ. 

පීඩාවට පත් වු ජනතාවට අවශ්‍ය පිසූ ආහාර පාන සහ වියළි ආහාර කිසිදු හිඟයකින් තොරව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත. 

අදාළ කටයුතු සම්බන්ධීකරණය පැය 24 පුරා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. 

මේ අතර අද දිනයේත් දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

දිවයිනේ බොහෝ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, සමහර ස්ථාන වල (විශේෂයෙන් දිවයිනේ නිරිතදිග කොටසට) තද වැසි (මි.මි 100 ට වැඩි ) ද ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්,අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 වෙනුවෙන් නිකුත් කරනු ලැබූ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week