-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දීය සිනමා නිලියන ලාංකීය සිනමාවට හඳුන්වා දුන් චන්න පෙරේරා තවත් ඉන්දියානු නිලියක් සිංහල සිනමාවට හඳුන්වා දෙමින් සිය නවතම සිනමා කෘතියෙහි වැඩ කටයුතු වැල්ලවත්ත ග්ලෝබල් ටවර් හි පැවැති මුහුරත් උළෙලකින් ආරම්භ කිරීමේ පුවත අප මෙයට පෙර හෙළිකරන ලදී. 

"චමත්කා" යනුවෙන් නම්කොට ඇති මෙම චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවට පා තැබීමට සිටි ඉන්දීය නිළිය වන ජැස්මින් භාශිනි චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට මත්තෙන් චන්නගේ චිත්‍රපටය හැරගොස් ඇතැයි වාර්තා වේ. එම නිලියට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇය චිත්‍රපටයට හැරගොස් ඇතිඅතර ඒ වෙනුඅට ශ්‍රී ලාංකික නවක නිලියක් චිත්‍රපටයෙන් හඳුන්වා දීමට චන්න කටයුතුකොට තිබේ. 

චන්නගේ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වීමත් සමග චන්නගේ හා ගයාත්‍රි ගේ චිත්‍රපටයට වූ දායකත්වය සම්බන්ධව මාධ්‍යය ඔස්සේ ප්‍රශ්නකොට තිබුනේ පහත අයුරිනි. 

චන්න 

චන්නගේ චිත්‍රපටිවලට ඔබේ බිරිඳ ගයත්‍රිට අවස්ථාවක් නොදෙන්නේ ඇයි?
ගයත්‍රිට ගැළපෙන චරිතයක් පිටපතේ තිබුණේ නැහැ. මට දුවලා දෙන්නෙකුත් ඉන්නවා. පවු‍ලේ අයට අවස්ථාව දෙන්න හිතාගෙන මම නිර්මාණ කරන්නේ නැහැ. කවදා හරි දවසක ගැළපෙන චරිතයක් තිබුණොත් දෙනවා. එයා ඒ ගැන චෝදනා කරනවා කියලා මම හිතන්නේ නැහැ. හිතින් බණිනවද දන්නේ නැහැ. ඒත් ගයත්‍රි එහෙම කෙනෙක් නෙමෙයි.


ගයත්‍රී 

චන්නගේ චිත්‍රපටයේ මුහුරත් උළෙලට ආවේ නෑ නේද?
මට එදා මනාලියකට අන්දන්න තිබ්බ නිසා පොඩි වෙලාවකට ඇවිත් ගියා. මගේ වෘත්තීය වෙනුවෙන් මම ඒ අවස්ථාව මම කැප කළා.

ඔබ චන්න අධ්‍යක්ෂණය කල කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙලා නෑ නේද?
නෑ..එයා ඒ නිර්මාණ වල කොල්ලගේ චරිතය කරන හින්දා මට දෙන්න චරිතයක් නැතුව ඇති.එහෙමත් නැත්නම් නිර්මාණයේ මට ගැලපෙන චරිතයක් නැතුව ඇති.එහෙමත් නැත්නම් එකට හේතුව මොකද්ද කියල එයාගෙන් තමයි අහන්න ඕන.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week