දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සතුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පසුගියදා එජාප මන්ත්‍රීවරු පිරිසක් දඑහි ගොස් තිබේ.
මේ අවස්ථාවට අජිත්.පී.පෙරේරා හා හර්ෂ ද සිල්වා ද සහභාගි වී ඇති අතර පසුව ඔවුන් මාධ්‍ය අමතා පවසා සිටියේ මෙවැන්නක්.
"සත්තුන්ට බෑ දේශපාලන පක්ෂ හදන්න. සත්තුන්ට බෑ වෘත්තීය සමිති හදන්න. සත්තුන්ට බෑ උද්ඝෝෂණ තියන්න. ඉතින් අපි ඒ ගැන හොයලා බලන්න ආවේ.
අපි කුඩා කාලයේ අලි සෙල්ලං බලන්න මෙතන්ට ඇවිල්ලා තියනවා හර්ෂ මන්ත්‍රීතුමා.
ඒ වගේම හුගක් සත්තුන්ට, දැන් පිරිමි සත්තු ඉන්නවා ගෑණු සත්තු නෑ අවුරුදු 7ක් 8ක්. ඉතින් අපි ආවේ මේ රටේ හිර වෙලා ඉන්න, තමන්ගෙ දුක කියා ගන්න බැරි සත්තු ගැන බලන්න.