චීන ධන කුවේරයකු විසින් දිළිඳු ඇමරිකානුවන් මිලියනයකට ආහාර වේලක් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
චෙන් ගුවාන්බියා ඕ විසින් නිව්යෝක් ටයිම්ස් සහ වේල් ස්ටී්රට් ජර්නල් යන ඇමරිකානු පුවත්පත්වල මේ බව සඳහන් කරමින් දැන්වීමක් පළ කර තිබේ.
මෙම භෝජන සංග්‍රහය ජුනි මස 25වන දා නිව්යෝක්හි ලොයිබ් බෝට්හවුස් මධ්‍යම උද්‍යානයේදී පැවැත්වෙනු ඇත.
මේ සඳහා චෙන් විසින් ඩොලර් මිලියනයක් වැය කරනු ඇති අතර ආහාර වේලෙන් පසු එක් පුද්ගලයෙකුට ඩොලර් 300ක් ලබාදෙන බවද ඔහු විසින් පවසා තිබේ.
චෙන් ගුවාන්බියා ඕ පවසා ඇත්තේ ධනවත් චීන ජාතිකයන් සුපිරි වෙළඳ භාණ්ඩ භුක්ති විඳින්නන් පමණක් නොවන බව ඇමරිකාවට පෙන්වීම සඳහා මෙය සිදුකිරීමට තීරණය කළ බවයි.
චීනයේ සිටින ප්රකෝටිපතියන් බොහොමයක් වෙළඳපොළ සමපේක්ෂණයෙන්, රජයේ නිලධාරීන් හා එක්ව වංචා කිරීමෙන් සහ පරිසරය විනාශ කිරීමෙන් ධනවත් වී ඇති බවත් සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීම, සූදු කෙළීම සහ ගණිකාවන් ඇසුරු කිරීමට ඇබ්බැහි වූවන් අතරේ සමාජයීය වගකීම දරන්නන් සිටින්්නේ කිහිපදෙනෙකු පමණක් බවත් ඔහු පවසා ඇත.
තම වැඩසටහන චීන-ඇමරිකානු සබඳතා තරකිරීමට හේතුවනු ඇතැයිද චෙන් පවසා තිබේ.