-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ෆේස්බුක් ගිණුමක් හරහා දිගු කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වූ 17 හැවිරිදි තරුණිය 63 හැවිරිදි වියපත් පුද්ගලයකු සමඟ පැනගොස් මොරටුව ප්‍රදේශයේ ජීවත්වන පුවතක් මාතලේ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකින් වාර්තා වේ.

වියපත් පුද්ගලයා යාන වාහන තිබෙන ව්‍යාපාරිකයෙකි. එවකට 14 හැවිරිදි වියේ පසුවූ තරුණිය සමඟ ෆේස්බුක් ගිණුමක් හරහා දැන හඳුනාගෙන දීර්ඝකාලීන මිතුදම පෙම් සබඳතාවක් බවට පත්කරගෙන ඇත. දිගුකලක් ඇසුරු කළත් වියපත් පුද්ගලයා ගම, වයස, සඟවාගෙන ඇසුර පවත්වාගෙන යෑමට සමත්ව තිබේ.
මීට සති දෙකකට පමණ පෙර මහනුවර ඔරලෝසු කණුව අසල දෙදෙනා මුණගැසීමට තීරණය කර ඇත. ඒ අනුව ජංගම දුරකතන මාර්ගයෙන් දෙදෙනා කතිකා කරගෙන තරුණිය මහනුවර නගරයට පැමිණ ඇත. වියපත් පුද්ගලයා නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ තරුණිය වාහනයට නංවාගෙන ඇති අතර වාහනයට ගොඩවූ පසුව දෙදෙනා එකිනෙකා පළමු වරට හඳුනාගෙන ඇත.
නිවෙසින් පැන ගිය තරුණිය මවුපියන්ට දුරකතනයෙන් දැනුම් දී ඇත්තේ තමා මොරටුව ප්‍රදේශයේ ජීවත්වන බවය. තම දියණියගේ අතුරුදන් වීම පිළිබඳ තරුණියගේ මවුපියන් පොලිසියේ පිළිසරණ පතා ඇතත් වියපත් පුද්ගලයා අත්හැර ඒමට තරුණිය අකැමැත්ත ප්‍රකාශ කිරීම පොලිසියටද ගැටලුවක් වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week