-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඉස්ලාම් විරෝධී දැන්වීම් සටහන් කළ මෙට්‍රෝ බස් රථ වොෂින්ටන් නගරයේ වීදිවල ධාවනය කෙරෙමින් ඇතැයි වාර්තා වේ.
ඉස්ලාමික යුදෙව් වෛරය – එය කුරානයේ දක්වා තිබේ යන්න මෙම දැන්වීමේ තේමාව වන අතර ඇමරිකානු ආධාරවලින් 2/3ක් ම මුස්ලිම් රටවලටයි, ජාතිවාදයට නවතනු, ඉස්ලාම් රටවලට ආධාර ලබාදීම නවතනු යනුවෙන් එහි සටහන් කර තිබේ.
මෙම දැන්වීමේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ සහ ඔහුගේ මිතුරෙකු වන හජ් අමින් අල් හුසේනිගේ ඡයාරූපයක්ද දක්වා ඇත.  පලස්තීන් ජාතිකවාදියෙකු සහ එවකට ජෙරුසලමේ අග‍්‍ර පූජකයාවූ හුසේනි දෙවන ලෝක යුද්ධයට පෙර හිට්ලර් වෙත සහය දක්වනු ලැබීය.
අඩි 15ක් පමණ දිගින් යුතු මෙම දැන්වීම් බස් රථ 20ක පමණ ජුනි මස මැද භාගය වන තුරු ප‍්‍රදර්ශනය කරනු ඇතැයි පැවසේ.
මෙම දැන්වීම් පළ කර ඇති ඇමරිකානු නිදහස සුරැකීමේ විකල්පය නම් මානව හිමිකම් සංවිධානයක් පවසා ඇත්තේ අපේ‍්‍රල් මස 15වනදා පලස්තීන හිතවාදී සංවිධානයක් විසින් දියත් කළ බස් රථ දැන්වීම් ව්‍යාපාරයකට ප‍්‍රතිචාරයක් ලෙස තමන් මෙය සිදුකළ බවයි.
පලස්තීනය සඳහා ඇමරිකානු මුස්ලිම්වරුන් නම් සංවිධානයක් විසින් පසුගියදා ප‍්‍රදර්ශනය කළ බස් රථ දැන්වීමක ඇමරිකානු අංකල් සෑම් විසින් ඊශ‍්‍රායල ධජයක් අතින් ගෙන සිටිනු නිරූපණය කර තිබූ අතර ඊශ‍්‍රායලයට සැපයෙන ඇමරිකානු ආධාර වලට විරෝධය දැක්වීම එහි අරමුණවූ බව පැවසේ.
මෙවැනි බස් රථ දැන්වීම් සඳහා ඇමරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයේ එන භාෂණයේ නිදහස තුළ අවකාශ සලසා ඇතැයිද වාර්තා වේ.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos