ඉරාන ජාතික නිළියකට ප්‍රසිද්ධියේ සිපගැනීමේ චෝදනා එල්ල වෙයි.
41 හැවිරිදි ලයිලා හටාමි නම් වන මෙම නිළිය කාන්ස් සිනමා උළෙලේ රතු පලස මතදී එම සිනමා උළෙලේ සභාපති වරයා වන ගිල්ස් ජාකොබ් සිපගත් ආකාරය ඡායාරූපගත කොට ලොව පුරා පළවිය. මේ දර්ශණ දුටු සැනින්ම ඉරානයේ ශිෂ්‍ය කණ්ඩායම් සහ අනිකුත් ක්‍රියාකාරී ආයතන රැසක් ලයිලා හටාමි වෙත විරෝධය දක්වා තිබේ.
කාන්ස් සභාපති සිප ගැනීමෙන් ඇය ඉස්ලාමීය රීතීන් උල්ලංගණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඉස්ලාමීය නීතිය අනුව කාන්තාවක් සිය පවුලෙන් පරිභාහිර පිරිමින් ශාරීරිකව සබදතා පැවැත්වීම තහනම් කර තිබේ. මේ නිසා ඇයට කස පහර 50ක් දී දඩුවම් කළ යුතුබව “ හිස්බුල්ලා “ නැමති ත්‍රස්ත සංවිධානය තර්නය කර තිබේ.