එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර හමුවක් කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගණයේ එස්ඩෝර් රාත‍්‍රී සමාජ ශාලාවේදී සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම දෙදෙනෙ අළුයම 1.00 පමණ වනතුරු එහි සිටි බවත්, අවට සිටි පිරිස ඒ දෙස මහත් වුවමනාවෙන් බලා සිටි බවත් ආරංචි මාර්ග පවසයි. හිරුණිකා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලබාගත් අතර, හරීන් ප‍්‍රනාන්දු ඉදිරියේදී පැවැත්වෙන ඌව පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරග කිරීමට සූදානම් වන බවද පැවසේ.
මොවුන් දෙදෙනා මෙලෙස රාත‍්‍රී සමාජ ශාලාවක මුණගැසී කතාබහ කළේ අලූත් සන්ධානයක් පිළිබදවද? නොඑසේනම් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්ද ලබාදුන් නඩු තීන්දුව පිළිබදවද? නැත්නම් වෙන කිසියම් කාරණාවක් දැයි කිසිවකු නොදන්නා අතර මේ වන විට දේශපාලනඥයින් මේ හමුව ගැන කතා බහ කරමින් සිටී.