-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොටස් තැරැව්කාර සමාගමක් විසින් එළිදක්වා තිබෙන නවතම විශ්ලේෂණ වාර්තාවක් මගින් හෙළි වන්නේ මෙරට හයිබ්‍රීඩ් මෝටර් රථ ලියාපදිංචිය වැඩිවෙද්දී කුඩා මෝටර් රථ ලියාපදිංචිය අඩුවන බවයි.
2014 අප්‍රේල් මාසයේ මෙරට වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් ජේ.බී. සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම විසින් එළි දක්වා තිබෙන විශ්ලේෂණ වාර්තාව මගින් මෙම කරුණු හෙළිවේ.
මේ අනුව, පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට ටොයොටා සහ හොන්ඩා හයිබ්‍රීඩ් මෝටර් රථ 1323 ක් ලියාපදිංචි කර තිබෙන අතර 2013 වසරේ අදාළ කාලයේදී ලියාපදිචි කර තිබුණේ එවැනි හයිබ්‍රීඩ් මෝටර් රථ 1108 ක් පමණි.
කෙසේවෙතත්, එන්ජින් ධාරිතාවය 1000 අඩු කුඩා මෝටර් රථ 2014 අප්‍රේල් මාසයේදී ලියාපදිංචි කර තිබෙන්නේ 206 ක් පමණි. එම ප්‍රමාණය 2013 අප්‍රේල් මාසයේදී 546 ක් වීම කැපී පෙනේ.  මෙහිදී, මරුටි සුසුකි මෝටර් රථ ලියාපදිංචියද අඩුවී ඇත.
සමස්තයක් ලෙස ගත්විට 2014 අප්‍රේල් මාසයේදී මෙරට මෝටර් රථ ලියාපදිංචිය 1917 ක්වී තිබෙන්නේ 2013 අප්‍රේල් මාසයේ ලියාපදිංචි කර තිබූ 1977 ක ප්‍රමාණයට සාපේක්ෂවයි.
මේ අතර, මෙම වාර්තාව මගින් පෙන්වන්නේ අනිකුත් වාණිජ වාහන ලියාපදිංචියද ගෙවුණු අප්‍රේල් මාසයේදී අඩුවී තිබෙන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos