-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රුපියල් කෝටි 105කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින වීරකුමාර රණසිංහ නොහොත් සක්විති රණසිංහ නමැත්තා බන්ධනාගාර සිරකරුවන්ට ඉංගී‍්‍රසි ඉගැන්වීම සඳහා අවසර ලබාදෙන ලෙස බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

සක්විති රණසිංහ නමැත්තා මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. පසුගිය 25 වනදා එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු බන්ධනාගාරයේ උසස් නිලධාරියකු හමුවේ ඔහු මේ බව පවසා ඇති බවයි බන්ධනාගාර ප‍්‍රකාශකයෙක් කියා සිටියේ. 

බහු විවාහ සිද්ධියක් සම්බන්ධයෙන් සිරදඬුවම් ලැබූ සක්විති රණසිංහ මේ වන විට වැලිකඩ බන්ධනාගාර ගතව සිටිනවා.  

බන්ධනාගාරයේදී තමාට අමානුෂික ලෙස සලකන බවටත් කොණ්ඩය කපා දමා ඇති බවටත් සිය නීතිඥවරයා මගින් ඉකුත් දා අධිකරණයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කෙරුණා.

සක්විතිගේ මෙම ඉංගී‍්‍රසි ඉගැන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි උසස් නිලධාරියෙකුගෙන් විමසූ විට කියා සිටියේ ඔහු පත්ව සිටින මානසික තත්ත්වය පිළිබඳව සලකා බලන විට මෙය හොඳ යෝජනාවක් බවයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos