මෙරට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට හඳුනාගෙන සිටින ප‍්‍රධාන ජාවාරම් කරුවන් ගණන හය දෙනෙක් බවත් ඒ අය අතර සිටින ප‍්‍රබල ජාවාරම් කරුවෙකුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහන මහතා සඳහන් කළේය.
මොහොමඞ් මැකී මොහොමඞ් සිද්ධික් නැමැති එම ජාවාරම්කරු මාළිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ වන විට රටින් පළාගොස් සිටින ඔහු පකිස්තානයේත් ඩුබායි රටේත් සැගවී සිටිමිත් මත්ද්‍ර්‍ය ජාවාරමේ නිරතව සිටින බව ද අජිත් රෝහන මහතා පැවැසුවේය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් රැසක්ම මේ වන විට සැගවී සිටින්නේ පකිස්තානයේ සහ ඩුබායි හී බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තොරතුරු අනාවරණ කළේය. ඒ අය අතර වෙලේ සුදා නැමැති ප‍්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුද සිටින බව සඳහන්ය.