ජ්‍යෙෂ්ඨ නිතීඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත ‘මුස්ලිම් නීතිය’ නම් කෘතිය අගය කරමින් අන්තර්ජාතික මුස්ලිම් ප‍්‍රජාව විසින් ඊජිප්තුවේ කයිරෝ අගනුවර විශ්වවිද්‍යාලයකදී උපහාර පුද කර තිබේ.
ඊජිප්තුවේ ඉපැරණි මුස්ලිම් විශ්වවිද්‍යාලයක් වන ගරාෂා අල් අෂාද් විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආරාධනාවක් මත ඒ මහතා එම ග‍්‍රන්ථ ඇගයීමේ උත්සවයකට සහභාගී විය.
සිංහල බහුතරයක් වෙසෙන ශ‍්‍රී ලංකාවේ සිංහල බෞද්ධ නීතිවේදියෙකු විසින් මෙවැනි ග‍්‍රන්ථයක් රචනා කර එළි දැක්වීමෙන් ශ‍්‍රී ලංකාවේ ජාතීන් අතර පවතින සංහිදියාව පිළිබිඹු කෙරෙන බව පීඨාධිපතිවරයා ඇගයීමේ උත්සවයේදී පවසා ඇත.
ඉස්ලාම් නීතිය පිළිබදව දැනුවත් කිරීම සදහා කතුවරයා ගෙන ඇති උත්සාහයට සමස්ත ලෝකවාසී මුස්ලිම් ප‍්‍රජාවගේම ප‍්‍රසංශාව හිමිවන බවද ඒ මහතා ප‍්‍රකාශ කර ඇත.