පන්දු වාර 20 ලෝක කුසලාන අවසන් තරගයේදී පිතිකරුවෙකු ලෙස ආසාර්ථක වීම ත් සමග දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටින යුව්රාජ් සිං වෙනුවෙන් පෙනී සිටිමින බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයින් පිරිසක් අදහස් පළ කර තිබේ.
පසුගිය ඉරිදා පැවති තරගයේ ඉන්දීය ඉනිමේ අවසන් පන්දු වාර කිහිපයේ පන්දු 21කට මුහුණ දී ලකුණු 11 ක් පමණක් රැස් කිරීම සම්බන්ධයෙන් කුපිත වූ ඉන්දියානුවන් පිරිසක් යුව්රාජ් සිංගේ නිවසට ගල් ප්‍රහාරයක් ද එල්ල කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් භච්චන් පවසා ඇත්තේ, ඉන්දීය ක්‍රීඩකයින් අවසන් තරගය දක්වා පැමිණීම පිළිබඳව ආඩම්බර විය යුතු බව ය.
මේ අතර, බොලිවුඩ් නළු වරුන් ධාවන් ද ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ යුව්රාජ් සිං සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
ඔහු සඳහන් කර ඇත්තේ, පිළිකාවකින් පවා පීඩා විඳි යුව්රාජ් සිං ඉන්දියාව ජයග්‍රහණය කරවීමට කැපවුණු අයෙකු බව ය.
එය අමතක කිරීම පිළිබඳව ඉන්දියානුවන් ලජ්ජා විය යුතු බව ඔහු අවධාරණය කර තිබේ.
බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ මාධුර් භන්දර්කාර් පවසා ඇත්තේ, තරගයක් පරාජය වූ පමණින් ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් මෝඩයින් පිරිසක් බව ය.
මීට පෙර ලෝක කුසලාන දිනා ගැනීමට යුව්රාජ් සිං කළ කැප කිරීම් අමතක වී ඇද්දැයි ඔහු ප්‍රශ්න කරයි.
බොලිවුඩ් නළු ඩිනෝ මොරයා පෙන්වා දෙන්නේ, යුව්රාජ් සිංගේ නිවසට ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් අඥානයින් පිරිසක් බව ත් ඔවුන්ගේ මොළය වැඩී නොමැති බව ත් ය.
ඉන්දියාව ජය ගන්නා විට ක්‍රීඩකයින් ඔසවා තබන ක්‍රීඩා ලෝලීන් ඔවුන් පරාජය වූ විට පහර ගැසීම කනගාටුවට කරුණක් බව ත්, ක්‍රීඩාවකදී ඇතැමෙකු ජය ගන්නා විට තව ත් පිරිසක් පරාජය වන බව වටහා ගත යුතු බව ත් ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, ඉන්දීය පුවත්පත් ලේඛක ෂෝභා ඩී පවසා ඇත්තේ, යුව්රාජ් සිංගේ නිවසට ගල් ගැසීම පිළිබඳව ලජ්ජා විය යුතු බව ය.
මීට පෙර සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සහ හර්බජාන් සිං ද යුව්රාජ් සිං වෙනුවෙන් අදහස් පළ කළහ.
SOURCE: Times Of India