පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු යානය උඩු ගුවනේදී කොටස්වලට වෙන් වන්නට ඇතැයි, පරීක්ෂණ මෙහෙය වන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත.
එම නිලධාරියා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, එම යානයේ බවට සැකකෙරෙන සුන්බුන් හමු වීම තුළින් එය තව දුරටත් සනාථ වන බව ය.
කෙසේ වෙතත් මලයාසියානු බලධාරීන් තව ම ත් එය තහවුරු කර හෝ ඒ සම්බන්ධයෙන් කිසිඳු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
මලයාසියානු යානය අතුරුදන් වී මේ වන විට පැය 48ක් ඉක්ම ගොස් ඇතත් යානයට සිදු වූයේ කුමක් ද? යන්න පිළිබඳව තව ම ත් නිශ්චිත තොරතුරු හෙළි වී නොමැත.