-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මගීන් 239 දෙනෙකු සමග තවමත් අතුරුදන් මලයාසියානු ගුවන් යානයෙන් අවසන් වරට ගුවන් විදුලි තරංග ඔස්සේ ලැබී ඇති පණිවුඩය පිළිබඳව මේ වනවිට මාධ්‍ය වෙත කරුණු අනාවරණය වී තිබෙනවා. ක්වාලාලම්පූර් හි සිටින චීන තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අතුරුදන්වන අවස්ථාවේදි ගුවන් යානය පැදවූ එක් ගුවන් නියමුවෙකු අවසන්වරට ප‍්‍රකාශ කර ඇත්තේ    ඕල් රයිට් - ගුඞ් නයිට් යන වචන දෙක බවයි. මෙම ගුවන් යානයේ මගීන්ගෙන් 153 දෙනෙකු චීන ජාතිකයන්. මේ අතර මෙම අතුරුදන්වීම පිටුපස ත‍්‍රස්තවාදීන් සිටින්නේය යන අදහස තවදුරටත් බැහැර නොකරන බව ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ අධ්‍යක්‍ෂ ජෝන් බ්‍රෙනට් ප‍්‍රකාශ කළා. මෙම ගුවන් යානය අතුරුදන්ව  අදට දින 5 ක්. එය සොයාගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක අතර මැලේසියාව, ඒ සඳහා මැදිහත්වන්නැයි ඉන්දියාවෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා. 

කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ මෙම යානය පැදවූ එක් ගුවන් නියමුවෙකුට 2011 වසරේ ගුවන් යානා නීතිරිති උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ලවී ඇති බවයි. ඔහු ගුවන් යානයේ නියමු කුටියට දකුණු අප‍්‍රිකානු කාන්තාවන් දෙදෙනෙකු ගෙන්වාගත් බවට චෝදනා එල්ලවනවා. එරට මාධ්‍යවලින් මෙම සිද්ධියටද මේ වනවිට විශාල ප‍්‍රචාරයක් ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos