ප්‍රංශයේ හිටපු ජනපති නිකොලාස් සාකෝසිගේ ජංගම දුරකථනයට පසුගිය වසරක කාලය මුළුල්ලේම හොර රහසේ සවන් දී ඇති බව පැවසෙයි.
හිටපු ජනාධිපතිවරයාගේ ජංගම දුරකථනයට මේ ආකාරයෙන් හොර රහසේ සවන් දීමට අධිකරණ නියෝගයක් ලැබී ඇති බවත්, ඔහුට එල්ල වී ඇති ලිබියානු ආධාර සම්බන්ධ දූෂණ චෝදනාවන් පිළිබඳ පරීක්ෂණයන් සඳහා එසේ කර ඇති බවත් පැවසෙයි.
කෙසේ වෙතත් ප්‍රංශයේ ලී මොන්ඩේ පුවත්පත පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ දුරකථනයට හොර රහසේ සවන්දීමට අවසර දීම තුළ එරට අධිකරණ පද්ධතියේ කඩා වැටීමක් පිළිබඳ සාක්ෂියක්ද ලැබෙන බවයි.
එම පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයක ප්‍රධාන විනිසුරුවන් සාකෝසිගේ අතිශය පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් සාකෝසිට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහුගේ නීතීඥයන්, වැඩිදුරටත් දුරකථනයට හොර රහසේ සවන්දීම නීති විරෝධී ක්‍රියාවක් බවයි.
හිටපු ජනාධිපතිවරයා තම මැතිවරණ ව්‍යාපාරය සඳහා හිටපු ලිබියානු නායක මුහම්මර් ගඩාෆිගෙන් නීති විරෝධී ආකාරයෙන් මුදල් ලබාගැනීමක් පිළිබඳව පරීක්ෂණ සිදුවෙයි.
එමෙන්ම, මෙය සාකෝසිට එරෙහිව දේශපාලනික බලපෑම් මත සිදුවන නාටකයක් බවද ඔහුගේ නීතීඥයන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.