කි‍්‍රකට් ක‍්‍රීඩාංගණ තුනක් නඩත්තු කරගන්න බැරි තරමට කි‍්‍රකට් ආයතනය බංකොලොත් වී ඇතැයි හිටපු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග පවසයි.
කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී ඔහු මෙසේද පැවසීය.
‘ක‍්‍රීඩාව දේශපාලනීකරණය වෙලා තියනවා කියන එක අපට නැහැයි කියන්න බැහැ. ක‍්‍රීඩාවට දුෂණය මැදිහත් වුණේ පහුගිය කාලයේ. ක‍්‍රීඩා සංගම් වලට නිලධාරීන් පත් කරද්දී දේශපාලන බලපෑම් ආවා කියන එක සියලූදෙනාම දැක්කා. නිලධාරීන් පත්කරන කොට දේශපාලනයේ ආශිර්වාදයෙන් පැමිණි අය තමයි සංගම් වල තනතුරු වලට පත්වුණේ. ක‍්‍රීඩාංගණ තුනක් නඩත්තු කරගන්න බැරි තරමට ක‍්‍රිකට් ආයතනය බංකොලොත් වෙලා’