-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ‍්‍රී ලංකා ගුවන් හමුදාමේ වර්තමාන මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිෂ් මාර්ෂල් කෝලිත ගුණතිලක අද (28) දින සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 14 වන ගුවන් හමුදාධිපති ලෙස පත්කෙරෙයි. අද ඔහු එයාර් මාර්ෂල් නිලයට උසස්වීම් ලබයි.

ඔහු ශාන්ත තොමස් බණ්ඩාරවෙල සහ කොළඔ රාජකීය විද්‍යාලවල දිප්තිමත් ආදි ශිෂ්‍යයෙක් විය. 1980 වසරේ 8 වන බදවා ගැනීම් පාඨමාලාව යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බැදී ඇති එයාර් වයිෂ් මාර්ෂල් කෝලිත ගුණතිලක 1982 අපේ‍්‍රල් මස ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයෙන් මූලික හා උසස් පියාසර පාඨමාලා සාර්ථකව නිමා කිරීමෙන් පසු පියාසර ලාංඡනයට හිමිකම් ලැබීය. අනතුරුව මූලික රාජකාරි සඳහා දෙවන ප‍්‍රහාරක බලඝනයේ සේවය කළේය. 1986 සුදුසුකම් ලත් පියාසර උපදේශක පාඨමාලාව පාකිස්ථාන ගුවන් හමුදාමේදී හැදාරූ එයාර් වයිෂ් මාර්ෂල් ගුණතිලක මහතා ගොඩබිම් ප‍්‍රහාරක යානා මගින් සුවිශාල ලෙස පියාසර කාල සපුරා ඇත. එල්ටීටීඊ සංවිධානයට එරෙහි ගොඩබිම් ප‍්‍රහාර වලදී සහය ගුවන් ප‍්‍රහාර මගින් ඔහු සිය මෙහෙවර සපුරාලීය. මෙකී නිර්භීත සේවාව හා කැපවීම අගයනුවස් එයාර් වයිෂ් මාර්ෂල් ගුණතිලක දෙවරක් රණ වික‍්‍රම පදක්කමෙන් පිදුම් ලැබූ අතර, රණ ශූර පදක්කමෙන්ද පිදුම් ලැබීය.

ගුවන් හමුදාමේ දීර්ඝ කාලීන පියාසර වෘත්තීය තුළ එයාර් වයිෂ් මාර්ෂල් ගුණතිලක ප‍්‍රහාරක ගුවන් නියමුවෙක් සහ උපදේශකවරයෙකු ලෙස පියාසර පැය 4000 කට වඩා සම්පූර්ණ කර ඇත.

එයාර් වයිෂ් මාර්ෂල් ගුණතිලක සිය සේවා කාලය තුළ විවිධ කීර්තිමත් විදේශ පුහුණු ආයතන තුළදී උසස් සාමාර්ථ ලබා ගැනීමට සමත් වූ අතර එකී කීර්තිමත් ආයතන අතර නියමු උපදේශක පාඨමාලාව - පකිස්ථානය, අණ හා මාණ්ඩලික විද්‍යාලය -පකිස්ථානය, ඒකාබද්ධ ගුවන් යුධ අභ්‍යාස විද්‍යාලය ඉන්දියාව, ගුවන් කාර්යය මණ්ඩල පාඨමාලාව - එක්සත් රාජධානිය, ගුවන් අණ හා මාණ්ඩලික විද්‍යාලය ඇමරිකා එක්සත් ජනපදය සහ ජාතික ආරක්ෂක විද්‍යාලය පකිස්ථානය යන ආයතන දක්වාලිය හැක. එයාර් වයිෂ් මාර්ෂල් ගුණතිලක ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අධ්‍යාපනය පිළිබඳ ආසියානු හා පැසිපික් මධ්‍යස්ථානයේ විධායක පාඨමාලාව හදාරා ඇති අතර ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමණාකරණය පිළිබඳ විද්‍යාපති උපාධි පාඨමාලාමේ ප‍්‍රථම කණ්ඩායම් සාමාජිකයෙකු විය.

එයාර් වයිෂ් මාර්ෂල් ගුණතිලක පීඨාධිපති අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය හා අණදෙන නිලධාරී අංක 02 දරණ ප‍්‍රවාහන බලඝනය යන තනතුරු දරමින් ලද හසල දැනුම වර්තමාන මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දක්වා ඔසවා තැබීමට දායකත්වය දැක්විය.

එයාර් වයිෂ් මාර්ෂල් කෝලිත ගුණතිලක ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික රාජකාරී සඳහා මාණ්ඩලික නිලධාරී මෙහෙයුම් ලෙස සිය දායකත්වය දැක්වූ අතර ගුවන් හමුදා කඳවුර චීනවරාය හා ගුවන් හමුදා කඳවුර කටුනායක යන කඳවුරුවල අණදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් සිය සේවාව ගුවන් හමුදාවට සලසන ලද අතර නායකත්ව ශක්තිය හා ආකර්ෂණය ප‍්‍රදර්ශනය කෙරිණි.

අනතුරුව ගුවන් හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ ලෙස සුවිශේෂී සේවාවක් ඉටුකල එයාර් වයිෂ් මාර්ෂල් ගුණතිලක ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස සිය ධූරය දරමින් මානුෂීය මෙහෙයුම් තීරණාත්මක අවසාන භාගයේ සියලු ම ගුවන් මෙහෙයුම් වලට අණදීමට දායක විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos