-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය දිනවල ආනයනික කිරිපිටි විකුණන සමාගම් සහ ආණ්ඩුවේ යම් දේශපාලකයින් සහ නිලධාරීන් එක්ව කෘතීමව නිර්මාණය කළ බව පෙනෙන කිරිපිටි හිඟය අවසන් වන්නේ ආණ්ඩුව විසින් එම සමාගම් වලට රු. මිලියන 20,000 ක කප්පමක් ගෙවීමට එකඟ වීමෙනි. එම මුදලින් රු. මිලියන 5,000 ක් සොයායන්නේ ආණ්ඩුව එතෙක් එකතුකරගත් බදු මුදලින් කි.ග‍්‍රැම් 1 කට රු. 57 බැගින් කපා හැරීම මගිනි. වෙනත් වචන වලින් කියනවා නම් එම මුදල ගෙවන්නේ රජයේ භාන්ඩාගාරය මගිනි. ඉතිරි රු. මිලියන 15,000 සොයාගන්නේ කි.ග‍්‍රැම් 1 කට රු. 152 ක් බැඟින් පාරිභෝගිකයාගෙන් කොල්ලකා ගැනීමට ඉඩදීම හරහාය.
ඒ නිසා විශාල කප්පමක් කිරිපිටි සමාගම් වලට ගෙවීමට ආණ්ඩුව එකඟවන්නේ මෑතකාලීනව ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහළ යාමක් සිදුනොවී තිබියදීය. එසේවුවත් සමාගම් ඉතා කූඨ සහ උස් හඩින් කියා සිටින්නේ එසේ මිල ඉහළ ගිය බවය. නමුත් පාරිභෝගිකයා පිළිබඳව කිඹුල් කදුළු හෙළන අනුර දිසානායකලා සහ හර්ෂ ද සිල්වලා වැනි විපක්‍ෂයේ තොත්ත බබාලා මේ මංකොල්ලය පිළිබඳව මුනිවත රකිති. ඒ ආකාරයට රු. මිලියන 20,000 ක අමතර ලාභයක් ලැබෙන බව දන්නා සමාගම් වලට මිලදීගත නොහැක්කේ කවුද? කිරිපිටි සමාගම් විසින් එම මුදල් යොදවා අනාගතයේදී තව තවත් දේශපාලකයින් සහ නිළධාරීන් පමණක් නොව ජනමාධ්‍ය සහ සිල්ලර වෙළෙන්දන් පවා මිලදී ගන්නා බවට කිසිදු සැකයක් නැත. එහි අවසාන ප‍්‍රතිඵලය දේශීය කිරි කර්මාන්තය වලපල්ලට ගමන් කිරීමය.
ආණ්ඩුව කියන පරිදී මීට කලින් ආනයනික කිරිපිටි වලට බදු පැනවූයේ දේශීය කිරි ගොවියා සහ කිරි කර්මාන්තකරුවා රැකගැනීමට සහ දිරිමත් කිරීමටය. ඒ අනුව දැන් බද්ද කපාහැරීම හරහා කිරි කර්මාන්තයට එවැනි ආරක්‍ෂාවක් අවශ්‍ය නැති බව පිළිගැනේ. පාරිභෝගිකයා වෙනුවෙන් එම ආරක්‍ෂාවෙන් යම් කොටසක් අඩුකළ යුතු යයි තර්කයක් තිබේනම් බදු සහනයට අමතරව කි.ග‍්‍රැම් 1 කට තවත් රු. 152 කින් මිල ඉහළ දමා පාරිභෝගිකයා කොල්ල කෑමට ඉඩ දෙන්නේ කුමක් නිසාද?
මෙම තත්වය තුළ අවසානයේදී කිරි ගොවියා, කිරි කර්මාන්තකරුවා, පාරිභෝගිකයා සහ ආණ්ඩුව යන පාර්ශව හතරම කොල්ලකෑමට ආනයනයනික කිරිපිටි විකුණන සමාගම් වලට ඉඩ ලබාදී ඇති බව පිළිගැනීමට සිදුවේ. ඒ අනුව අනාගතයේදී කිරි ගොවියාට දැනට ගෙවන මිල වැඩිවීම යනු සිහිනයක් පමණී. එසේම දේශීය ආයෝජකයින් තම ප‍්‍රාග්ධනය කිරි කර්මාන්තයේ ආයෝජනය කිරීමට පෙර දෙවරක් නොව තුන් හතර වරක් සිතා බලනු ඇත. ඊට අමතරව ආණ්ඩුවට ලැබෙන බදු මුදල් අඩුවීම තුළ ආණ්ඩුව විසින් කිරි කර්මාන්තයට ලබාදෙන දායකත්වයක්ද අඩුවනු ඇත. ජිනීවා කුමන්ත‍්‍රණ හරහා රටට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ තර්ජනයක් පවතින මේ මොහොතේ ආණ්ඩුව දේශීය නිෂ්පාදන ආර්ථිකය රැකගන්නේ ඒ ආකාරයටය. මෙවැනි තකතීරු වැඩකරන වෙනත් ආණ්ඩුවක් ලෝකයේ කුමන හෝ රටක ඇතැයි යමෙකු පෙන්වා දෙන්නේ නම් මින් මතු අපි කිරිපිටි වලින් කිරි මේදය ඉවත්කොට ගෙන ෆාම්තෙල් එකතු කරන හැටි හෝ කිරි පෝටීන් ඉවත්කොට ගෙන ඞී.සී.ඞී. එකතු කරන හැටි ගැන හෝ වචනයක්වත් කථානොකරන බවට මහජනයාට පොරොන්දු වෙමු. කෙසේවෙතත් ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහළගොස් නැතත් ලංකාවට කිරිපිටි ආනයනය කරන සමාගම් වැඩි මිලක් ඉල්ලනනේ දැන් ඒ ආකාරයට බාල කිරිපිටි රට තුළට ගෙන ඒමට නොහැකිවන ලෙස නීති පනවා ඇති නිසා යයි යමෙකු පවසනවා නම් අපි ඒ ගැන සතුටු වෙමු.
මෙහිදී මහජන අවබෝධය සඳහා ලෝක වෙළඳපලේ කිරිපිටි මිල සහ එය වෙනස්වීමට බලපාන සාධක පිලිබඳවද යමක් පැවසිය යුතුය. පසුගිය වසර 05 ක මිල මට්ටම් සැසදීමේදී පෙනීයන්නේ 2009 වසරේ මුල්කාර්තුවේදී ඇ.ඩොලර් 2000 ක් පමණ වූ කිරිපිටි මො.ටොන් 01 ක් එම වසරේ අවසන් කාර්තුවේදී ඇ. ඩොලර් 3500 දක්වා ඉහළ ගිය බවය. එනම් කි.ග‍්‍රෑම් 1 ක මිල රු. 250 පමණ සිට රු. 400 දක්වා ඉහළ ගියේය. ඉන්පසුව 2011 මුල් කාර්තුවේදී නැවත ලෝක වෙළඳපලේ කිරිපිටි මිල මො.ටො. 01 ක් සඳහා ඇ.ඩෝ 5000 ක් දක්වා ඉහළ ගියාද 2012 මැද භාගය වන විට එම මිල 2500 ක් දක්වා භාගයකින් අඩුවිය. රජය ආනයනික කිරිපිටි කි.ග‍්‍රෑම් 1 ක් සඳහා රු. 125 ක බද්දක් පනවා දේශීය කිරි ගොවියා සහ කිරි කර්මාන්තය ආරක්‍ෂා කිරීමට පියවර ගන්නේ එම අවස්ථාවේදීය.
එසේ මිල වැටීමෙන් පසුව නැවත වරක් මිල ඉහළයන්නේ 2013 මුල් කාර්තුව අවසානයේදීය. එසේ ඉහළ යන්නේද එදා 2011 දී ඉහළගිය මට්ටම වන ඇ.ඩො. 5000 දක්වා පමණී. එතැන් පටන් අද දක්වා ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉතා සුළු වශයෙන් ඉහළයාම හැර වානිජ වශයෙන් සැලකිල්ලට ගතයුතු ප‍්‍රමාණයකින් ඉහළගියේ නැත. එම කාලය තුළ මිල ඉහළ පහළ යාම සෑම විටම 2% කට වඩා අඩු මට්ටමක පැවතුනි.
ඒ අනුව පසුගිය මාස 10 ක කාලය තුළ මිල මට්ටම පැවතියේ 2011 මුල් කාර්තුවේදී පැවැති උපරිම මිල මට්ටමය. එනම් වසර 02 කට ඉහත පැවැති මිල මට්ටමය. එම වසර දෙකක කාලයේදී වරින්වර මිල අඩුවන විට එහි වාසය සමාගම ලබාගත් අතර ඉහළ මිල මට්ටම වන ඇ.ඩො. 5000 දක්වා මිල ඉහළ යන අවස්ථාවල ගැටළුවකින් තොරව ලාභ ලබමින් ව්‍යාපාරික කටයුතු කරගෙන ගියේය. එසේනම් හසිදියේ ව්‍යාපාරික කටයුතු කරගෙන යා නොහැකි තරමට ඇතිවූ හෝ වෙනස්වූ තත්වය කුමක්ද? එම තත්වය පැහැදිලි කරගැනීම සඳහා කරුණු 02 ක් සැලකිල්ලට ගැනීමට සිදුවේ.
පළමුවැන්න එතෙක් පැවති රජයේ කිරිපිටි කර්මාන්තශාලාවට අමතරව ඊට වඩා ධාරිතාව සහ නවීන තාක්‍ෂණය සහිතව දේශීය පෞද්ගලික කිරිපිටි නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමය. එම තත්වය තුළ ඉතිහාසයේ කිසිදවසක නොවුවිරූ ලෙස කිරිපිටි ආනයනය කොට පැකට් කර විකුණා බහුජාතික සමාගම් වලට තරගයකට මුහුණදීමට සිදුවිය. ඒ අනුව එම පෞද්ගලික සමාගම බංකොලොත් කිරීමට හෝ එය තවදුරටත් පුළුල් කිරීම වැලැක්වීම සදහා මෙන්ම වෙනත් ආයෝජකයින් කිරිපිටි කර්මාන්තයට යොමුවීම වැලැක්විම සදහා පුර්ව කොන්දේසියක් ඇත. ඒ කිරි කර්මාන්තයේ සහ කිරි ගොවියාගේ ආරක්‍ෂාව සදහා රජය පැනවු බද්ද ඉවත් කර ගැනීමය.
ඒ අනුව ඉතා පැහැදිලි ලෙසම මෙම සමාගම් කිරිපිටි තොග වරායෙන් නිදහස් කර ගැනීම පමා කරමින් සහ තොග සගවමින් විවිධ ආකාරයට වෙළදපළ තුළ කෘතිමව හිගයක් මවාපාන්නේ රජය ලවා බද්ද ඉවත් කරවා ගැනීමට පීඩනයක් එල්ල කිරීම සදහාය. ඊට උඩින් මිල වැඩි කිරීමටද අවසරය ලබා ගැනීම යනු සමාගමට ලැබුනු බොනස් එකකි. එම උපක‍්‍රමය රජයේ යම් දේශපාලඥයින් සහ නිලධාරින් දැනුවත්ව සැලසුම් කල එකක් බවට එල්ල වන චෝදනා බැහැර කළ නොහැක. එහිදී සමාගම විසින් මිල ඉහළ දැමීමට ගන්නා අවසරය මත ඉහල දමන මිල  ඕනෑම අවස්ථාවක දේශිය කිරිපිටි සමාගම් සමග තරගකාරී වන ලෙස නැවත පහළ දැමීමේ හැකියාව සහ අයිතිය සමාගම් සතුවේ. ඔවුන්ගේ ප‍්‍රධානතම අවශ්‍යතාවය ඉද්ද සහමුලින්ම ඉවත් කර ගැනීමය. එය ඉටු නොවුනත් දැන් බද්ද යම් ප‍්‍රමාණයකට අඩු කිරිමට පෙළඹවීම හරහා ආණ්ඩුවේ හිරිඔතප් බිදීමට සමාගම් සමත් වී ඇත.
එහිදී සැලකිල්ලට ගත යුතු දෙවන කරුණ වන්නේ ලෝක වෙළදපලේ මිල මට්ටම ඉහළ පහළ යාම සහ සාපේක්‍ෂව මිල ඉහළ මට්ටමක පැවතීම තුළ වුවද සමාගමේ අධික ලාභය තහවුරු කර ගැනීම සදහා භාවිතා කළ උපක‍්‍රමය කුමක්ද යන්නයි. ඒ සදහා භාවිතා වන උපක‍්‍රමය වෙළදපලේ සාමාන්‍යයෙන් පවතින සැබෑ කිරිපිටි වලට වඩා අඩු මිලට කිරිපිටි යයි කිවහැකි වෙනත් පිටි වර්ගයක් නිෂ්පාදනය කිරිමය. ඒ සදහා ක‍්‍රම දෙකක් ඒකාබද්ධව භාවිතා වේ. එක් ක‍්‍රමයකදී කිරිපිටි වල තිබෙන මිල අධික කිරි මේදය ඉවත්කොට ගෙන බටර් ලෙස වැඩි මිලට විකුණන අතර එම අඩුව පිරවීම ස`හා අඩු මිල ෆාම්තෙල් හෝ වෙනත් සත්ව තෙල් වර්ග එකතු කෙරේ.ඊට අමතරව දෙවන ක‍්‍රමයේදී කිරිවල තිබෙන මිල අධික කිරි ප්‍රෝටීන හෙවත් ‘‘ වේ ප්‍රෝටීන ’’ ඉවත්කොට ගෙන ඒ බව පරීක්‍ෂණ වලදී සොයාගත නොහැකිවන ලෙස එම අඩුව පිරවීම සදහා ‘‘ ඞී.සී.ඞී ’’ එකතු කිරීමය. ‘‘ වේ ප්‍රෝටීන ’’  යනු ක‍්‍රිඩකයින් සදහා අමතර පෝෂණයක් ලෙස නිර්දේශ කරන ඉතා මිල අධික ආහාරයකි.
එසේම ඞී.සී.ඞී.යනු පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් කිරිපිටි වල තිබෙන බව සොයාගත් විෂ වර්ගයකි. එම විෂ වර්ගයෙන් එක් අනුවක නයිට‍්‍රජන් අනු 7 ක් ඇති බැවින් ඒවා අනු එකක් කිරිවලට එක්කළ විට ප්‍රොටීන් අනු 7 ක් කිරිවලින් ඉවත් කරගත හැක. බොහෝවිට අප වැනි රටවලට ලෝක වෙළදපලේ පවතින සාමාන්‍ය මිලට වඩා අඩු මිලට කිරිපිටි යයි හැදින්වෙන පිටි ආනයනය කරන්නේ ඉහත ක‍්‍රම දෙකම භාවිතා කරමිනි. කෙසේවෙතත් එක්තරා අවස්ථාවක දී ශ‍්‍රී ලංකාව සහ බංගලාදේශය වැනි රටවලට අඩු මිලට කිරිපිටි ලබා දීම සදහා තම සමාගම විශේෂ කිරිපිටි නිෂ්පාදනයක් හදන බව නවසිලන්තයේ ප‍්‍රධාන පෙළේ සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියා අන්තර්ජාලය හරහා පිළිගත්තේය.
ඒ අනුව එසේ සෑම විටම ලෝක වෙළදපලේ මිලට වඩා අඩු මිලට කිරිපිටි වර්ගයක් නිෂ්පාදනය කොට ආනයනය කිරීම හරහා එම සමාගම් මිල උච්ඡවචන ප‍්‍රශ්නයට මුහුණ දුන් බව පැහැදිලි වේ. ඒ මගින් අධික ලාභයක් ලැබීමද තහවුරු විය. ඒ අනුව ඔවුන් කිරිපිටි හිගයක් මවා පාමින් මිල ඉහළ දැමිය යුතු බවට දැඩි ඝෝෂාවක් නගන්නේ බදු ඉවත් කර ගැනීම සදහා යන තර්කය ඔප්පු වේ.එසේ බදු ඉවත් කිරීම ඉතා වැදගත් වන්නේ දේශීය කිරි කර්මාන්තයට දීර්ඝකාලීනව හිස එසවීමට අවස්ථාවක් නොදීම සහතික කර ගැනීම සදහාය. ඊට අමතරව තවත් විශේෂ තත්වයක්ද ඇතිවිය. ඒ බාල කිරිපිටි ආනයනයට එරෙහිව පැන නැගුණු මහජන විරෝධයයි.
එම තත්වය තුළ කිරිපිටි වලට බාහිරින් තෙල් වර්ග සහ ඩි.සී.ඞී. වැනි විෂ වර්ග එකතු කර බාල කිරිපිටි නිපදවීමේ ක‍්‍රියාවලිය තවදුරටත් කරගෙන යාමට නොහැකි තත්වයක් උදාවිය. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිගින් දිගටම සාම්පල් පරීක්‍ෂා කිරීම නිසා එසේ බාල කළ කිරි අඩු මිලට ආනයනය කිරිම එතරම් පහසු නැත. ඒ අනුව දැන් අධික ලාභ මට්ටම පවත්වා ගැනීම සදහා අකමැත්තෙන් වුවත් සාමාන්‍ය කිරිපිටි ආනයනය කිරීමට සහ ඒවායේ මිළ ඉහළ දැමිමේ තීන්දුව ගැනීමට ඔවුනට සිදු වී ඇත. එහෙත් මිල ඉහළ දැමීමේ ක‍්‍රියාවලිය තුළ මහජනයාට නොදැනෙන ලෙස අත යටින් බදු අඩු කිරීම නිසා අනාගතයේදී වෙළ`දපල තර`ගයට සාපේක්‍ෂව නැවත මිල පහළ දැමීමේ හැකියාව ඔවුන් කරගෙන ඇත.
මෙම ප‍්‍රශ්නයේදී ආණ්ඩුවට රැවුලයි – කැදයි මෙන්ම ගරුත්වයද බේරා ගැනීම සදහා ගත හැකි සාධාරණ පියවර කිහිපයක් ඇත. පළමුවැන්න රටට ආනයනය කරන කිරිපිටි ප‍්‍රමාණය දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව අඩු කිරිම ස`දහා පාලන ක‍්‍රමවේදයක් හදුන්වා දීමය. ඒ සදහා ආනයන බලපත‍්‍ර ක‍්‍රමය අනුගමනය කළ හැක. එහිදී කිිරිපිටි ලෙස විකිණීම සහ  රස කැවිලි නිෂ්පාදනය යන අංශ දෙකට වෙන වෙනම බලපත‍්‍ර නිකුත් කළ යුතුය. ඊට අමතරව යෝගට් නිපදවීම සදහා කිරිපිටි ආනයන බලපත‍්‍ර ලබා නොදිය යුතුය. බොහෝ සමාගම් කියන ආකාරයට යෝගට් නිපදවීම සදහා ඇත්තටම දේශීය නැවුම් කිරි භාවිතා කරනවා නම් ඒ සදහා ආනයන බලපත‍්‍ර අවශ්‍ය වන්නේ නැත. දෙවැන්න සමාගම්වල බලපෑම මත ඉවත් කළ ආනයන බද්ධ වහාම නැවත පැනවීමය.
තුන්වනුව කිරිපිටි සදහා මිල සුත‍්‍රයක් හදුන්වාදිය යුතුය. කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවට ඇතුල්වන බැවින් ඒ සදහා නිතිමය බාධාවක් නැත. මහජනයාද එය සාධාරණව බාර ගන්නවා ඇත. එහිදී ආනයන හෝ නිෂ්පාදන පිරිවැයට, ප‍්‍රචාරක පිරිවැය සහ ඒජත්න කොමිස් ආදිය සදහා ප‍්‍රතිශතයන් එකතුකොට මිල නියම කිරීමේ සුත‍්‍රය හදුන්වාදිය හැක. ඒ මගින් තවත් වැදගත් අවශ්‍යතාවයක්ද ඉටු කරගත හැක. ඒ වෙළදපල තුළ විකෘති සහ අසාධාරණ තරගකාරීත්වය ඇතිවන ආකාරයට වෙළදුන්ට අයුතු ලෙස කොමිස් ලබාදීමේ වරද ඒ මගින් නිවැරිදි කිරිමය. එසේම ඒ මගින් ප‍්‍රචාරක පිරිවැය මුවාවෙන් මාධ්‍ය ආයතනවල අතකරකැවීම සඳහා මුදල් බලය භාවිතා කිරීමද යම් පමණකට පාලනය කළ හැක.
උදාහරණයක් ලෙස මේ වන විට කිරිපිටි කි.ග‍්‍රෑම්. එකක් වරායෙන් පිටවන විට මිල රු.535/-කි. පසුගියදා ඉවත් කළ බදු ප‍්‍රමාණය නැවත පැණවු විට බදු සහිත මිල කි.ග‍්‍රෑම් 1 ක් සඳහා රු.660කි. ඒජන්ත කොමිස් ලෙස 10% ප‍්‍රචාරක පිරිවැය ලෙස 10% සහ අනෙකුත් පිරිවැය සියල්ල එකතු කළ විට එම මිල උපරිම වශයෙන් 800 ඉක්මවා යන්නේ නැත. නමුත් වර්තමාන වෙළදපල මිල 825 කි. ඒ අනුව දැනටද සමාගම් පාඩුපිට පවත්වාගෙන යනවා යන්න බොරුවකි. ඔවුන්ගේ ලාභය ලෙස තවත් 20% ක් එකතු කළද එම මිල ආණ්ඩුව ලබා දුන් මිල වැඩිමට වඩා අඩු මට්ටමට ඇත. එනම් ආණ්ඩුව 20 %  ලාභයටත් වඩා තව බෝනස් එකක්ද ලබා දී ඇත.  ඒ අනුව ඉවත් කළ රු. 57 බදු මුදල නැවත පැනවීම ආණ්ඩුව විසින් නොපමාව  සිදු කළ යුතු දෙයකි. සමාගමට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා මිල වැඩි කිරීමට ඉඩදීමේ ප‍්‍රශ්නය ආණ්ඩුව විසින් පාරිභෝගිකයා සමග බේරා ගත යුතුය.
වෛද්‍ය වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos