-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල මේ වන විට සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකර අවසන් කර තිබෙනවා. මෙම කැමරා හේතුවෙන් සේවකයින් දැඩි පීඩනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම කැමරා පද්ධතියේ එක් කැමරාවක් කාන්තා වැසිකිලි සදහා පිවිසුම් ස්ථානයේද ස්ථාපිත කර ඇතැයි සදහන්.

ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් කියා සිටියේ වැසිකිලිය තුලද කැමරා සවිකර ඇත්දැයි සැකයක් ඇතිවී ඇති බවයි. මෙම කැමරා පද්ධතිය නිරීක්ෂණය කරනු ලබන්නේ ප්‍රධාන විධායක නිලධාරියා විසිනුයි. එමෙන්ම මේ වන විට ක්‍රිකට් ආයතනයේ සේවකයින් පස් දෙනෙකුට අනතුරු ඇගවීම් සිදුකර ඇත්තේ සුහද කථාබහවල නිරතව සිටින බව පවසමිනුයි. මෙය ක්‍රිකට් ආයතනයේ සේවකයින්ගේ මානසික ආතතිය ඉහළ නැංවීමට හේතුවී ඇති බවටද සදහන් වනවා. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙම කැමරා පද්ධතිය සවි කිරීම පිලිබදව අදහස් දක්වමින් කියා ඇත්තේ මෙතෙක් කල් රාජකාරියක් නොමැතිව සිටි කාලය අවසන් කිරීමක් ලෙස දකින බවයි.

දිනය පුරා කැමරා නිරීක්ෂණය කිරීම තම රාජකාරිය වී ඇති බවත් සේවක සේවිකාවන්ගේ දින චර්යාව නිරීක්ෂණය ඔහුට ආශ්වාදයක් වී ඇති බවත් මේ හේතුවෙන් සේවකයින් පවසනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week