-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සිරියානු පරිඝනක කොල්ලකරුවන්ගේ සාමූහිකයක් වන සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව විසින් ස්කයිප් වෙත සාර්ථක සයිබර් ප‍්‍රහාර රැසක් එල්ල කරමින් නව වසර සමරා ඇතැයි වාර්තා වේ.  ග‍්‍රිනිච් වේලාවෙන් පස්වරු 7.30ට පමණ මෙම ප‍්‍රහාරයන් එල්ල වී ඇති අතර ස්කයිප් නිල බ්ලොග් අඩවිය, ටිවිටර් සහ ෆේස්බුක් ගිණුම් ප‍්‍රහාරකයන් විසින් ඉලක්ක කර තිබේ.

එම වෙබ් අඩවි වලට අනවසඑයෙන් කඩාවැදි සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව විසින් එහි සටහන් කර ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පාරිභෝගිකයන්ගේ තොරතුරු ග‍්‍රහණය කර රජයන් වලට අලෙවි කරන හෙයින් හොට්මේල්, අවුට්ලූක් වැනි ඊ මේල් සේවාවන් භාවිතා නොකළ යුතු බවයි.

ස්කයිප්හි ෆේස්බුක් පිටුවේ සිදුකළ සටහන කඩිනමින් මකා දැමීමට කටයුතු කර ඇතැයි පැවසේ.  ටිවිටර්හි සිදුකළ සඳහනක දක්වා ඇත්තේ ඔබේ තොරතුරු රැස් කිරීම පිළිබඳව මයික්‍රොසොෆ්ට් වෙත ස්තුතිය පල කර ඇති බවයි.
2011දී කටයුතු ඇරඹූ සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව සිරියානු රජය සමග සබඳතා ඇති යයි පළවූ පුවත් ප‍්‍රතික්ෂේප කර ඇති අතර ස්වාධීනව ක‍්‍රියාත්මක වන රජයේ මිතුරන් පිරිසක් ලෙස හඳුන්වා දී තිබේ.

2013දී ඔවුහු නිව්යෝක් ටයිම්ස්, බීබීසී සහ ෆයිනෑන්ෂල් ටයිම්ස් යන බටහිර මාධ්‍ය වෙබ් අඩවි වෙත ප‍්‍රහාරයන් එල්ල කළ අතර ධවල මන්දිරයට එල්ලවූ ප‍්‍රහාරයකින් ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා තුවාල ලබා ඇතැයි ඇසෝසියේටඞ් ප්‍රෙස් අඩවියේ ව්‍යාජ පුවතක් පළ කිරීම ඔවුන් ලැබූ විශාල ජයග‍්‍රහණයක් ලෙස සැලකේ.

හිටපු ඔත්තු සේවා නිලධාරි එඞ්වඞ් ස්නොව්ඩන් විසින් සිදුකළ හෙළිදරව්කිරීම් උපුටමින් සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව ස්කයිප් ප‍්‍රහාරයන් එල්ල කර ඇති අතර ජාතික ආරක්ෂක එජන්සියට දත්ත ලබාදුන් බවට මයික්‍රොසොෆ්ට් සහ ස්කයිප් වෙත එල්ලවූ චෝදනා වලින් ඔවුන් නිදහස් කිරීමට ලක්සම්බර්ග්හි දත්ත ආරක්ෂණ මධ්‍යස්ථානය නොවැම්බර් මසදී කටයුතු කරනු ලැබීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week