-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ මිචෙල් ඔබාමාගේ වසර 22ක විවාහ දිවිය දෙදරා යාමේ ලකුණු පහළ වී ඇති බව ඇමෙරිකාවේ ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ජනපති ආර්යාව 50 වැනි උපන් දින සැමරීමට දින කිහිපයක් තිබියදී මෙම අනාවරණය වීමද විශේෂත්වයකි.
මෙම කරුණු ප්‍රසිද්ධ කිරීමට අඩිතාලම වැටී ඇත්තේ ඔබාමා පවු‍ලේ නත්තල් නිවාඩුව හයිටියේ ගත කළ කාලයේය. පසුව මිචෙල් හයිටියේ රැඳී සිටි අතර දරු දෙදෙනා සමග ජනපති ඔබාමා සිය රටට පැමිණ ඇත.
ඉන්කුයාරර් පුවත්පතේ වූ නම සඳහන් නොකළ වාර්තාකරුවකු ධවල මන්දීර ඇතුළාන්ත කරුණු සඳහන් කර කියා ඇත්තේ මෙම දෙපළ වෙන් වෙන්ව ධවල මන්දිරයේ කාමරවල ජීවත්වන බවයි.
ධවල මන්දිර වාර්තා පවසන්නේ හයිටියේ වැඩිපුර කාලයක් රැඳෙන්නට අවස්ථාව ලබාදීම ආර්යාවට ඔබාමාගෙන් ලැබුණු උපන් දින තෑග්ගක් බවයි. ඔහුගෙන් ලැබුණු තෑග්ගක් ලෙස මිචෙල් හයිටියේ ඇගේ මිතුරියන් සමග රැඳී සිටි ඇත.
ධවල මන්දීර මාධ්‍ය ප්‍රකාශකයකු වන ජේ. කාර්නි පවසන්නේ දරුවන් ඇති මවකට උපන් දිනයේදී මිතුරියන් සමග විනෝද චාරිකාවක නිරත වීමට ඉඩ ලබාදීම ඉතා වටිනා තෑගගක් බවයි.
තවද ඔබාමා යුවළගේ විවාහය දෙදරා යෑම ගැන විමසිලිමත් වීමට හේතු වී ඇත්තේ දකුණු අප්‍රිකානු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතුවලට සහභාගි වූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් පළවීමත් සමගයි. එහිදී බ්‍රිතාන්‍ය අගමැති, ඩෙන්මාර්ක් අගමැති සහ ඔබාමා යුවළ ඡායාරූපයට පෙනී සිටීමේදී මිචෙල් වෙනතක් බලා සිටීම කාගේත් කුතුහලයට ලක්වී ඇත.
බැරැක් ඔබාමා තම විවාහ දිවියේදී හැල හැප්පීම් කිහිපයකට මුහුණ දුන් සිදුවීම් මීට පෙරදීත් සිදුවූ බව පිළිගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos