-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිරස TV නාලිකාව බිහිවූ දා සිටම එහි නිෂ්පාදනය කළ රූපවාහිනී වැඩසටහන් සදහා වැඞි වශයෙන්ම සම්බන්ධකරවා ගැනුනේ සිය සහෝදර නාලිකාව වූ සිරස FM හී නිවේදක නිවේදිකාවන්ය.

සිරස FM නාලිකාවේ නිවේදක නිවේදිකාවන්ට ටෙලිවිෂන් මාධ්‍යය ඔස්සේද ප්‍රසිද්ධියක් ලබාදීම තුළින් සිරස මාධ්‍ය ජාලය මහජනතාව අතර වඞාත් ප්‍රබල පිළිගැනීමකට ලක්කරවීම එහි මුඛ්‍ය එහි පරමාර්ථය වී තිබුණි.

එමඟින් වැඞසටහන් නිපදවීමේදී රූ ගතකිරීම් හා පටිගතකිරීම් සදහා පිටතින් නිවේදකයන් ගෙන්වා ගැනීමට ගතවන කාලය ඉතිරිකරවා ගැනීමත් නිෂ්පාදන පිරිවැය අඞුකර ගැනීමත් සිරස TV වැඞසටහන් සදහා සිරස FM නිවේදක නිවේදිකාවන් යොදවා ගැනීමේ තවත් අරමුණක් විය.

නමුත් සිරස TV හිටපු නාලිකා ප්‍රධානියා වූ සුසාර දිනාල් දේශපාලන කටයුතු සදහා ඉන් ඉවත්ව යෑමත් සමග එම තනතුරට පත්වූ චන්දන සූරියබණ්ඞාර අතීතයේ සිට එම නාලිකාවන් දෙක අතර පැවැති එකී සුහදශීලීත්වය දෙදරුම් කවමින් සිය සහෝදර සිරස FM නාලිකාවේ නිවේදක නිවේදිකාවන් සිරස TV වැඞසටහන් සදහා ඉතා පහසුවෙන්ම යොදවා ගත හැකිව තිබියදී, සිරස TV නාලිකාව සදහා වෙනම නිවේදක නිවේදිකාවන් පිරිසක් බදවා ගැනීම සදහා දැන්වීම් ප්‍රචාරය කරන්නට පටන් ගැනීමත් සමග එය පිටතට නොපෙනෙන දැඞි අභ්‍යන්තර අර්බුධයක් බවට පත්ව ඇතැයි වාර්තාවේ.

චන්දන විසින් මෙලෙස සිරස TV නාලිකාවට නවක නිවේදක නිවේදිකාවන් බදවා ගැනීම සදහා නිර්මාණය කරන ලද දැන්වීමක් මේවනවිට වැඞිම පිරිසක් නරඹන වේලාව සේ සැළකෙන ප්‍රයිම් ටයිම් කාලය තුළ පමණක් බොහෝ වාර ගණනක් ප්‍රචාරය කොට ඇති අතර එම ගුවන් කාලය වෙනත් සේවා දායකයෙකුගේ දැන්වීම් සදහා අලෙවි කරන ලද්දේ නම් ඉන් ආයතනයට උපයාගත හැකිව තිබූ ආදායම රුපියල් මිලියනයකට ආසන්න බවත්, මෙම තත්වය දිගින් දිගටම පැවතුන හොත් එය සිරස FM හා සිරස TV අතර පිල් බෙදීමක් දක්වා වර්ධනය විය හැකි බවත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

සුවිශේෂ හැකියාවන්ගෙන් පරිපූර්ණවූ නිවේදක නිවේදිකාවන් බොහෝ පිරිසක් සිරස FM නාලිකාව තුළ සේවයේ නිරතව සිටින වටපිටාවක් තුළ රුපියල් ලක්ෂ ගණනක මුදලක් ආයතනයට අහිමි කරමින් සිරස TV නාලිකාවේ වටිනාම ගුවන් කාලය අත්තනෝමතික ලෙස භාවිත කරමින් නවක නිවේදක නිවේදිකාවන් බදවා ගැනීමට චන්දන සූරියබණ්ඞාර විසින් ගෙන ඇති මෙම තීරණය මේ වනවිට එකී මාධ්‍ය ජාලය තුළම දැඞි විවේචනයට ලක්වෙමින් තිබේ.

මේ අතර සිරස FM හිටපු නාලිකා ප්‍රධානි එස්.එම්. මරික්කාර්ට මෙවර පලාත් සභා මැතිවරණයට එජාපයෙන් නාම යෝජනා ලැබීම වැළැක්වීම සදහා, මරික්කාර් සිරසේ සිටියදී එජාප නායකත්වය විවේචනය කළ වැඞසටහන් කිහිපයක හඞපටි ඇතුලත් CD තැටියක්ද මේ වනවිට සිරිකොතට යවා තිබෙන අතර ඊට සැක කෙරෙන්නේද සිරස මාධ්‍ය ජාලයේම එක්තරා නාලිකා ප්‍රධානියෙකි. (33000)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos