-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කූට ලෙස සකස්‌ කරන ලද ව්‍යාජ ගුවන් ටිකට්‌පත් 54 ක්‌ ලබා දී රු. එකොළොස්‌ ලක්‍ෂ විසි දෙදහස්‌ අටසියයක මුදලක්‌ ලබාගෙන වංචා කළ සැකකරුවන් දෙදෙනකුගෙන් එක්‌ අයකු කොටහේන පොලිසිය මගින් පෙරේදා (09දා) 9.00 ට අත්අඩංගුවට ගෙන ඇත.

මෙහි ප්‍රධාන සැකකරු මෝදර පදිංචි අයකු වන අතර ඔහු දැනට සැඟ වී සිටින බැවින් ඔහුවද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

එම වංචාවට පුද්ගලයන් 54 දෙනකු අසු වී තිබේ. මෙම පුද්ගලයන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෝවිලක පැවැත්වෙන උත්සවයකට සහභාගි වීමට මෙම ගුවන් ටිකට්‌පත් මිලදී ගෙන තිබේ. පසුව ඔවුන් ඒවා ලබාගෙන අදාළ උත්සවයට යැමට කටුනායක ගුවන් තොටුපොළට ගිය අවස්‌ථාවේ ඒවා ව්‍යාජ ගුවන් ටිකට්‌පත් බවට හෙළි වී ඇතැයි පරීක්‍ෂණ සිදු කරන කොටහේන පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටහේන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හේමන්ත දික්‌ඕවිට මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos