-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හෙරොයින් මත්කුඩු ජාවාරම් කළැයි චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ බිරිඳ වන රෝෂිනී චන්ද්‍රකාන්ති නමැත්තිය ලබන 17 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිරෝෂනී ප්‍රනාන්දු මහත්මිය ඊයේ (8 දා) නියෝග කළාය. 

කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් වෙළෙ¹ම් කිරීමට ඇයට උදව් වූ කෙනකු බව කියන තුවාන් පරීඩ් නමැත්තෙකු විසින් කරන ලද ප්‍රකාශයක්‌ මතය. ඊට පසුව වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති නිල නිවස පරීක්‍ෂා කිරීමේදී ඇගේ අත් බෑගයේ තිබී රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ පොලිස්‌ භාරයට ගෙන ඇත.

වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ බිරිය හා තුවාන් පරීඩ් යන දෙදෙනාව උසාවියෙන් ලබාගත් නියෝගයක්‌ මත ප්‍රශ්න කිරීම සඳහා දින 4 ක්‌ රහස්‌ පොලිසියේ රඳවාගෙන සිටියහ. ඊයේ උසාවිය හමුවට පමුණුවනු ලැබූ තුවාන් පරීඩ් නමැත්තාද ලබන 17 දා දක්‌වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරිණි.

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවක්‌ උඩ පෙරේදා උසාවිය හමුවට පැමිණවූ වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති බණ්‌ඩාර මුණසිංහ නමැති අයද ලබන 21 දා දක්‌වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරිණි.

අධිනීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සැකකාර වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි අතර ඒ මහතා උසාවිය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලියම පුදුම සහගත පැටලිලි සහිත බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos