-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ටයි පටියකින් ගෙල වැලලාගෙන පාසැල් සිසුවියක් ඊයේ (9දා) සවස මියගොස් ඇත. වරකාපොළ ‍ෙදාරවක උඩබාගේ ප්‍රදේශයේ පදිංචි 15 වියැති එච්.පී. නදීශානි තාරකා නම් ශිෂ්‍යාව මෙසේ මියගොස් තිබේ.

ඇය ‍ෙදාරවක සිරි නිවාස විදුහලේ අධ්‍යාපනය ලැබූ දැරියකි. ඇගේ සිරුර නිවැසියන් විසින් වරකාපොළ රෝහලට රැගෙන ආ නමුත් ඒ වන විටද ඇය මියගොස් තිබිණි.

ඊයේ උදෑසන ඇය පෞද්ගලික අමතර පන්තියකට සහභාගි වී ආපසු නිවෙසට පැමිණීමෙන් අනතුරුව දහවල් 2.00ට පමණ මෙසේ සිය දිවි හානි කරගෙන ඇත.

මෙදින සවස යම් කරුණකට තමන් දියණියට අවවාද කළ බවත් දිය නෑම සඳහා නිවෙසින් බැහැරව ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව දියණිය ගැන සොයා බලද්දී ඇය ගෙල වැලලාගෙන සිටිනු දුටු බව ඇගේ මව වන සන්ධ්‍යා පුෂ්ප කුමාරි නමැති අය පොලිසියට පවසා ඇත.
වරකාපොළ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. සිරුර මේ වන විට වරකාපොළ රෝහලේ තැන්පත් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week