-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රූගත කිරීමක් අතරවාරයේ ආලේප කරන ලද කේශාලේපන වර්ගයක් සිරුරට විස වීමෙන් චිත්‍රපට සහ රූපවාහිනි ප්‍රකට නළුවකු වන ශ්‍රී මාල් වෙඩිසිංහ රෝගාතුරව සිටී. ශ්‍රී මාල් වෙඩිසිංහ මෙසේ රෝගාතුර තත්ත්වයට මුහුණ පා ඇත්තේ ජනප්‍රිය නළු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ 'නවරියන්' චිත්‍රපටයේ රඟපෑමේ යෙදී සිටියදීය.

ශ්‍රී මාල් 'මව්බිම'ට පැවැසූ පරිදි සිදුවීම මෙසේය.මම රන්ජන් රාමනායක මහතා අධ්‍යක්ෂණය කරන 'නවරියන්' චිත්‍රපටයේ දෙවැනි ප්‍රධාන චරිතයක් වන මහාචාර්යවරයකුගේ චරිතයක් රඟපානවා. එම චරිතයට අනුව මගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම සුදු පැහැ කළ යුතු වෙනවා. එහිදී වේශ නිරූපණ ශිල්පියා විසින් මගේ හිසකෙස් ඇමෙරිකාවේ නිෂ්පාදිත කේශාලේපනයක් යොදා සුදු පැහැ කළා. මේ රසායනික ආලේපනය දහදිය සමඟ හිසකෙස් සිදුරුවලින් රුධිරයට කාන්දුවීමෙන් මගේ සිරුරේ කැසීමක් සහ විශාල ලෙස පළු දැමීමක් සිදුවුණා. මා සාමාන්‍ය බෙහෙත් ගත්තා. සුවයක් වුණේ නෑ. දැන් මා ප්‍රබල ඔෟෂධ ගන්නවා.

ලංකාවේ සිටින ආසාත්මිකතාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අනුර වීරසිංහ මහතාගේ ප්‍රතිකාර ලබාගන්නවා. ඉදිරියේදී කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳ නිර්ණය කිරීම සඳහා විශේෂ පරීක්ෂාවක් 10දා (අද) සිදුකරනවා. මේ ප්‍රතිකාරවලින් සුව නොවුණහොත් සිරුරේ රුධිරය ඉවත්කර අලුතින් රුධිරය ලබාදීම කළ යුතු වන බව වෛද්‍ය මතය වී තිබෙනවා.

ඇමෙරිකාවේ නිෂ්පාදිත උසස් නිෂ්පාදනයක් හිසෙහි ආලේපනය කළේ නම් මෙසේ වීමට හේතුව කුමක්දැයි 'මව්බිම' විමසූ විට ශ්‍රී මාල් වෙඩිසිංහ පැවැසුවේ මෙවන් කතාවකි. මේ තත්ත්වය ඇතිවූයේ වේශ නිරූපණ ශිල්පියාගේ වරදකින් නොවේ. වරද වූයේ හිසෙහි ආලේපනය කරගෙන අප සිටින කාලසීමාවයි. මේ ආලේප ගල්වාගෙන සිටිය යුතු උපරිම කාලය පැය හතරයි. එහෙත් ඉතින් අපට පැය 12ක් 14ක් ඉන්න වෙනවා. එය ඉතා අහිතකරයි. සිද්ධ වුණේ ඒකයි. එක දිගට දවස් තුන හතරක් උදේ ඉඳන් හවස් වනතුරු ගල්වාගෙන හිටියා. දවස් 15ක් 20ක් අතර මට රූගත කිරීම් තිබුණා. දැන් මේ සියල්ල විඳ දරා ගැනීමට සිදුවී තිබෙන්නේ මටයි. ශ්‍රී ලංකාවේ නළු නිළියන්ගේ වෘත්තීය ඛේදවාචකයක් මේක.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week