-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පුද්ගලයන් තිදෙනකු ඝාතනය කරන බවට තර්ජනය කර ඔවුන්ගෙන් රුපියල් ලක්‍ෂ තුනක කප්පමක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ගිනි අවියක් එල්ල කර මිනී මැරීමට තැන් කළ සැකකරුවන් දෙදෙනකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 17දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා අබේදීන් මහත්මිය නියෝග කළාය. පයාගල හල්කඳවිල හා පයාගල ඇත්පන්තිය පාර පදිංචිකරුවන් දෙදෙනකු මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
තම සහෝදරියන් දෙදෙනා හා මස්සිනා ඝාතනය කිරීමට රුපියල් ලක්‍ෂ හතක කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා සහ එම කොන්ත්‍රාත්තුව භාරගත් පුද්ගලයා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පවුලේ හෝටලයක භාරකාරත්වය පිළිබඳ ඇතිවූ ආරවුලක් නිසා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇතැයි පොලිසිය හෙළිකරගෙන ඇත. තිදෙනකු ඝාතනයට රුපියල් ලක්‍ෂ හතක් ප්‍රමාණවත් නැති නිසා මරණයට නියමිත පාර්ශ්වකරුවන්ට ඝාතන කොන්ත්‍රාත්තුවක් ඇතැයි පවසා එය සිදු නොකිරීමට නම් ලක්‍ෂ තුනක් අවශ්‍ය බවද සැකකරුවන් පවසා ඇත. සැකකරුවන්ගේ අරමුණ වී ඇත්තේ ඝාතනයට පෙර ඔවුන්ගෙන්ද ලක්‍ෂ තුනක් ලබාගෙන ඔවුන් මරාදැමීම බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන්ද සිල්වා මහතා මෙම සිද්ධිය කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරදීමෙන් පසු ඉකුත්දා රුපියල් ලක්‍ෂ තුනක කප්පම් මුදල ලබා ගැනීමට හෝටලයට පැමිණි අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඝාතන කොන්ත්‍රාත්තුව දුන් සැකකරු ළඟ තිබී රම්බෝ පිහියක්, ජංගම දුරකතන තුනක් සහ මුදල් මෙන් සැකසූ කඩදාසි පාර්සලයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

කප්පම් ලබා ගැනීමේදී සැකකරුවන්ගේ ආරක්‍ෂාවට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පොලිසියට ගිනි අවියක් පෙන්වා පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා සහ කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන්ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් අනුව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සමන් ශ්‍රී පද්මලාල්, පයාගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ධම්මික, පොලිස් සැරයන්වරුන් වන වීරසේන (55202), දයාතිස්ස (26019), ජයන්ත (17668), ගුණවර්ධන (4492) සහ කොස්තාපල්වරුන් වන සරත් (16269), විතාන (55063), සමීර (74503), මුණසිංහ (50880) හා ගමගේ (80169) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week