-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රේගු දෙපාර්තමේන්තුවට මහා භාණ්‌ඩාගාරයෙන් ලබාදෙන මුදල් සහ රේගු නිලධාරීන්ගේ ත්‍යාග මුදල් රුපියල් කෝටි දහයක්‌ම වංචා කළ රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරියකු පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

මසකට රුපියල් ලක්‍ෂ පහළොවකට ආසන්න මුදලක්‌ මෙසේ වංචා කරමින් වසර පහක කාලයක්‌ පුරා සැකකාර නිලධාරියා විසින් පෞද්ගලික බැංකු ගිණුම් විස්‌සකට රුපියල් කෝටි දහයකට අධික මුදලක්‌ බැරකරගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ රේගු වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. එම්. ආර්. පී. විඡේකෝන් මහතා "දිවයින" ට ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා ද මෙවැනි වංචාවක්‌ පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව තහවුරු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා සිට විමර්ශනයක්‌ ආරම්භ කළ බව ද ඉතා ඉක්‌මනින් විමර්ශනය අවසන් කර මුදල් අමාත්‍යාංශය වෙත වාර්තාවක්‌ ලබා දෙන බව ද කී ලෙස්‌ලි ගාමිණී මහතා රහස්‌ පොලිසියට ද මේ පිළිබඳ පරීක්‍ෂණ භාර කර ඇති බව කීවේය.

රේගු දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ නිලධාරීන් කිsහිපදෙනකුගේ ද සහාය ඇතිව මෙම පුද්ගලයා වසර පහක්‌ තිස්‌සේ ඉතා සූක්‍ෂ්ම ලෙස පරිගණක දෘඬාංග වෙනස්‌ කරමින් මෙම වංචාව සිදුකර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ රේගු වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් විඡේකෝන් මහතා ප්‍රකාශ කළේය.

සැකකරු පූර්ණකාලීන රේගු නිලධාරියකු නොවන බව ද ඒකාබද්ධ සේවය සඳහා වසර පහක කාලයකට රාජ්‍ය කළමනාකරණ සහකාර ලිපිකරුවකු ලෙස රේගු දෙපාර්තමේන්තුවට අනුයුක්‌ත කර සිටි බව ද කී විඡේකෝන් මහතා රේගුවේ ගිණුම්කරණ පද්ධතියේ තිබෙන දුර්වලතා තුළින් රිංගා යමින් මොහු මෙම වංචාව කර ඇතැයි ද පැවසුවේය.

මෙම වංචාව සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන අංශය සිදුකරන විමර්ශනය පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ද පැවසූ විඡේකෝන් මහතා අභ්‍යන්තර විගණන අංශයේ ද සිටින්නේ ඒකාබද්ධ නිලධාරීන් බව කීය.

වහා ක්‍රියාත්මක වන පරිදි පසුගිය වසර පහේ ලිපි ගොනු මුද්‍රd තබා මධ්‍යම බුද්ධි අංශයට හෝ රේගු ආදායම් අධීක්‍ෂණ බලධාරීන් යොදවා විධිමත් පරීක්‍ෂණයක්‌ කරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක දෘඬාංග මගින් විශාල ලෙස වංචා සිදු කළ හැකි නිසා නවීන තොරතුරු තාක්‍ෂණයට අනුව ගිණුම් ක්‍රියාපටිපාටිය වෙනස්‌ කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

රේගුවේ මුදල් ගනුදෙනු පිළිබඳව එහි ප්‍රධාන ගණකාධිකාරී සහ සහකාර ගණකාධිකාරීන් ද වගකීම භාරගත යුතු බව ද ප්‍රධාන ගණකාධිකාරිවරයාගේ වසර පහක සේවා කාලය අවසන්ව ඇති බැවින් ඔහුට සේවා දිගුවක්‌ ලබා නොදෙන ලෙස ද ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ රේගු වෘත්තීය සමිතිය ඉල්ලා සිටී.

මෙම මුදල් වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන අංශයෙන් ද පරීක්‍ෂණයක්‌ සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව වෘත්තීය සමිතියේ ලේකම් විඡේකෝන් මහතා ප්‍රකාශ කළේය.

සැකකරු මේ වන විට රුපියල් ලක්‍ෂ 150 ක්‌ පමණ වටිනා මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී රථයක්‌ පාවිච්චි කරන අතර සාමාන්‍ය ලිපිකරුවකු වන ඔහුගේ වත්කම් හා ආදායම පිළිබඳව ද විමර්ශනයක්‌ කරන ලෙසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස්‌ කොමිසමෙන් ඉල්ලා සිටින බව ද විඡේකෝන් මහතා කීවේය.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week