කඹුරුපිටිය පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු කැටයම් චින්තක නමැත්තා පොලිස් වෙඩි පහරකින් මියයෑමේ පුවත පැතිර යත්ම කඹුරුපිටිය උල්ලල ප්‍රදේශවාසීහු ඊයේ රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත් උයා පාරට දමමින් සතුට පළ කළහ. ඔවුන් පිසූ කිරිබත් කවරවල දමා ගස් උඩ එල්ලමින් ගමින් ගමට යවමින් තම සතුට පළකළ බව පොලිසිය පැවැසීය.
ඝාතකයාගේ මළ සිරුර බාර ගැනීමට ඊයේ සවස් වනතුරුත් කිසිවකු ඉදිරිපත් වී නැත. මාතර රෝහලේ තැන්පත් කර ඇති. මළ සිරුර කඹුරුපිටිය ප්‍රදේශයට ගෙනයා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පොලිසිය කියයි.
පෙර පුවත: කඹුරුපිටියේ ද්විත්ව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ කැටයම් චින්තක හෙවත් චින්තක වසන්ත නමැත්තාගේ දෙමව්පියන් වාසය කළ නිවසට කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, කඹුරුපිටිය, උලල්ල, මාස්මුල්ලේ පිහිටි එම නිවසට අද දහවල් කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව ය.
පසුව කඹුරුපිටිය පොලීසිය මැදිහත්ව ගින්න මැඩ පවත්වා තිබේ.
කඹුරුපිටියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ චින්තක වසන්ත අද පෙරවරුවේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.
සැකකරු කඹුරුපිටිය නයිගල කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් පිරිසක් දෙසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පැවසී ය.
එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු ජීවිතක්ෂයට පත් ව තිබේ.