-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාදිනල්තුමන්ගේ උපදෙසින් කතෝලික සභාව ප‍්‍රකාශයට පත්කරන ඥානාර්ථ ප‍්‍රදීප පුවත්පතේ මුස්ලිම් අන්තවාදය ගැන සදහන් කරමින් මුස්ලිම් අන්තවාදය හා අන්තවාදීන් පණපිටින් මිනිසුන්ගේ අතපය කපන බවට පළ වූ වාර්තාව දෛවයේ සරදමක් යැයි බොදුබල සේනා සංවිධානය පවසයි.

පාකිස්තාන කතෝලික මුස්ලිම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරවලින් ජීවිතය ආරක්ෂා කරගැනීමට ශ‍්‍රී ලංකාවේ රැකවරණ පතන බවට එහි පළ වූ ප‍්‍රධාන සිරස්තලය පිළිබද රටට ආදරය කරන ජනතාව සුපරික්ෂාකාරී විය යුතු බවද ඥානසාර හිමියෝ පෙන්වා දෙති.

බොදු බල සේනා සංවිධානය මුස්ලිම් අන්තවාදය පිළ්සබදව ප‍්‍රකාශ කරන අවදියේ රට තුළ සමාජ ගැටලූ ඇති කරන බවත් බෞද්ධයන් අන්තවාදීන් බවටත් ප‍්‍රචාරය කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කළ බවද බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

නමුත් කාදිනල්තුමන්ගේ උපදෙසින් කතෝලික සභාව ප‍්‍රකාශයට පත්කරන පුවත්පතේ මුස්ලිම් අන්තවාදය ගැන සදහන් කරන විට එම පාර්ශවයන් කිසිදු විරෝධයක් නොදැක්වීම ගැටලූ සහගත  කරුණක් බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

විජාතිකයන් ශ‍්‍රීලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් රටට ආදරය කරන ජනතාව සුපරික්ෂාකාරී විය යුතු බවද පවසන උන් වහන්සේ අතීතයේදී ද විජාතික ආක‍්‍රමණ හේතුවෙන් බෞද්ධ ජනගහනය අඩු වූ බවත් සදාචාර නොවන අන්‍යාගම්කරණය තුළින් එවැනි කුමන්ත‍්‍රණ දියත්වන බවද සඳහන් කරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week