වෙඩිතැබීමේ පුහුණුව ඇතුළත් පරිඝනක ක‍්‍රීඩාවල මනඃකල්පිත චරිත ලෙස පෙනී සිටිමින් ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය ඔත්තුකරුවන් ත‍්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු එක්රැස් කර ඇති බව හෙළිවී තිබෙනවා. එඞ්වඞ් ස්නෝඩන් විසින් ඉදිරිපත් කර ඇති නව කරුණුවලට අනුව මෙම පරිඝනක ක‍්‍රීඩාවල යෙදෙන පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන් ලබාගෙන ඇති බව සඳහන්. ඇමරිකානු හමුදාව නැමති පරිඝනක ක‍්‍රීඩාව නොමිලයේ අන්තර්ජාලයට එකතුකර ඇත්තේ විශේෂයෙන් ත‍්‍රස්තවාදී කණ්ඩායම් හඳුනාගැනීමේ පියවරක් ලෙස බවයි ස්නෝඩන් හෙළි කළේ. ඇමරිකානු මෙන්ම බි‍්‍රතාන්‍ය ඔත්තු සේවා මගින්ද තොරතුරු එක්රැස්කිරීම සඳහා පරිඝනක ක‍්‍රීඩා යොදාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media