-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පෘථිවිය සහ සූර්යයා අතර දුර මෙන් 650 ගුණයක් ඈතින් තම තාරකාව වටා පරිභ‍්‍රමණය වන දැවැන්ත ග‍්‍රහලෝකයක් සොයාගැනීමට ඇමරිකානු තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

HD106906b ලෙස හඳුන්වනු ලබන මෙම ග‍්‍රහලෝකය බ‍්‍රහස්පති මෙන් 11 ගුණයක ස්කන්ධයකින් සමන්විත අතර තම තාරකාවට ඇති දුර සැතපුම් බිලියන 60කි.
තාරකා විද්‍යාඥයින් පවසන්නේ මින් පෙර සොයාගත් කිසිදු ග‍්‍රහලෝකයක් තාරකාවට මේතරම් දුරින් පිහිටනු දැක නොමැති බවයි.  කිසිදු ග‍්‍රහලෝකයක් හෝ තාරකා පද්ධතියක් මෙම සොයාගැනීම පැහැදිලි කිරීම සඳහා යොදා ගත නොහැකිවීම මෙහි ඇති විශේෂත්වය බව ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ කණ්ඩායමේ ප‍්‍රධානි වැනේසා බේලි පවසා තිබේ.

සූර්යයාට ආසන්නයෙන් පිහිටා ඇති පෘථිවිය වැනි ග‍්‍රහෙලෝකයන් ග‍්‍රහක වැනි ස්කන්ධයන්ගෙන් කැටිවීමෙන් නිර්මාණය වී ඇතැයි සැලකෙන අතර එම ස්කන්ධයන් නිර්මාණය වන්නේ සූර්යයා බිහිවීමෙන් පසු ඉතිරිවන වායු සහ බරැති මූලද්‍රව්‍ය වලින් බව විද්‍යාඥයින්ගේ මතයයි.

කෙසේවෙතත් නව ග‍්‍රහලෝකය වැනි ඉතා දුරින් පිහිටා ඇති යමක් නිර්මාණය වීම ඉතා සෙමෙන් සිදුවිය යුතු බව ග‍්‍රහලෝක නිර්මාණය පිළිබඳව මෙතෙක් ඉදිරිපත්වූ මතයයි.

නව මතයක් ඉදිරිපත් කරන බේලි පවසන්නේ තාරකාවන් දෙකක පද්ධතියක් නිර්මාණය වීමේදී වායු ස්කන්ධයන් තාරකාවන් විසින් බෙදාගනිමින් පොදු ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත‍්‍රයක් සාදන බවත් HD106906b ග‍්‍රහලෝකය යනු සූර්යයෙකු බවට පත්වීමේ ක‍්‍රියාවලියේදී එලෙස නිර්මාණය වීම සම්පූර්ණ කරන්නට බැරිවී ග‍්‍රහයෙකු බවට පත්වූවෙකු විය හැකි බවයි.

කෙසේවෙතත් එයින් පද්ධතියක තාරකාව සහ ග‍්‍රහලෝකය අතර තිබිය හැකි ස්කන්ධ අනුපාතය ලෙස සැලකුනු 10:1 සම්මතය බිඳ දැමෙන අතර නව ග‍්‍රහලෝකය සහ එහි තාරකාව අතර ස්කන්ධ අනුපාතය 100:1 ත් වඩා වැඩි බව පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week