-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දකුණු පළාතෙන් මෙතෙක් සොයාගත් විශාලතම මත්කුඩු තොගය හික්කඩුව ප‍්‍රදේශයෙන් ඊයේ  සවස සොයාගැනීමත් සමඟ කොළඹ දිස්ත‍්‍රික්කයේ මත්කුඩු හිඟයක් මතුවී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
අද පෙරවරුවේ පොලිසියට ලද තොරතුරුවලට අනුව මේ බව තහවුරු වී ඇතැයි හෙතෙම සඳහන් කළේ ය. මෙම මත්කුඩු තොගය හා සැකකරුවන් සිව්දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ශ‍්‍රී ලංකාව තුළ මෙහෙයවුණු මත්කුඩු ජාලයේ තොරතුරු රැුසක් අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් අධිකාරිවරයා පැවැසී ය.

රුපියල් කෝටි 6 1/2ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු කිලෝග‍්‍රෑම් 10ක්, ගිනි අවියක්, රුපියල් එකොළොස් ලක්ෂයක මුදල්, නවීන තාක්ෂණික ජංගම දුරකතන කිහිපයක් සමඟ සැකකරුවන් තිදෙනකු ඊයේ පස්වරු 3.30ට පමණ හික්කඩුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මේවා අත්අඩංගුවට ගැනුණේ නොවැම්බර් 05 වැනි දා කටුනායක ගුවන් තොටුපලෙන් හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑම් 30ක් සමඟ ලයිබීරියානු ජාතිකයකු තානාපති ගමන් බලපත‍්‍රයක් මගින් රටින් පිටවීමට උත්සහ කිරීමේ දී රේගු අත්අඩංගුවට ගැනිණ. ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී ලද තොරතුරුවලට අනුව මෙම විශාල මත්කුඩු තොගය හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

තවදුරටත් මේ පිළිබඳ විමර්ශන සිදුකෙරෙන අතර මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන්  ඕනෑම අයකු ලද යම් තොරතුරක් ඇත්නම් එ් පිළිබඳ 0112 343 333 හෝ 0112 343 334 යන දුරකතන අංක වෙත හෝ අධ්‍යක්ෂ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, පොලිස් මූලස්ථානය, කොළඹ 10 ලිපිනයට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේ ය. එම තොරතුරු පූර්ණ රහස්‍යභාවයකින් යුතු වන අතර නිවැරැුදි තොරතුරක් ලබාදෙන පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂ ගණනින් වන මුදල් ත්‍යාග ලබාදීමට ද කටයුතු කර ඇති බව පොලිස් අධිකාරිවරයා දැනුම් දුන්නේ ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week