පූර්ව අවසරයකින් තොරව මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවස්ථාව ලබා දෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13) ප්‍රකාශ කළේය.
ඊයේ (13) සිට ක්‍රියාත්මක වන පරිදි මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීමට මෙන්ම විවාදවලට සවන්දීමට ද මෙහිදී අවස්ථාව ලැබේ. පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ලද තීරණයක් අනුව මෙය ක්‍රියාත්මක වන බවද කතානායකරයා පැවසීය.
මෙයට ප්‍රථම මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ බව කී කතානායකවරයා ආරක්ෂාව වෙනුවෙන් පූර්ව අවසරයක් ලබා ගෙන පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබා දීම සිදු කළ බව ද කීවේය.